IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බස් සේවක දෙන්නා ලක්ෂ 14 සොයා දෙති

මහනුවර නගරයේ දී බසයක අමතකව ගිය රුපියල් ලක්ෂ 14.5ක් සහිත බෑගයක් ලංගම බසයක රියදුරා සහ කොන්දොස්තර විසින් පොලිසියට භාර දී යළි එහි හිමිකරුට දුන් බව මහනුවර පොලිසිය කියයි.

පානදුර සිට මහනුවරට පැමිණි බසයට කෑගල්ලෙන් ගොඩවූ අයකු මුදල් සහිත බෑගය බසයේ රාක්කය මත තබා අසුන්ගෙන එය අමතකව ගුඩ්ෂෙඩ් බස් නැවතුමෙන් බැස ගොස් ඇත.

‍ඔහුට තම බෑගය සිහි වී ඇත්තේ අම්පාර බස් නවත්වන තැනට ගිය විට දී ය. යළි ඔහු බසය සොයා එන විට කොන්දොස්තර මහතාත් රියදුරු මහතාත් බෑගය පොලිසියට දුන් බව පවසා තිබේ.

රාක්කය මත අමතකව ගිය බෑගයක් තිබෙනු දැක එය විවර කර බැලීමේ දී විශාල මුදලක් දුටු කොන්දොස්තර කේ.ඒ.ලහිරු දිල්ශාන් හා රියදුරු ධම්මික තුෂාර බෑගය පොලිසියට ගෙනගොස් දුන්හ.

පොලිසියට ගිය හිමිකරු සිය අනන්‍යතාව හෙළිකළ පසු මුදල් සහිත බෑගය ලැබිණි.  මුදල් නිරුපද්‍රිතව බාරදුන් ධම්මිකට හා දිල්ශාන් දෙදෙනාට එහි හිමිකරුත් පොලිසයත් සිද්ධිය දැනගත් සියලු දෙනාත් ප්‍රශංසා කළහ.



අදහස් (0)

බස් සේවක දෙන්නා ලක්ෂ 14 සොයා දෙති

හෙසාන් Tuesday, 01 December 2015 03:01 PM

විශිෂ්ටයි! (නි)

:       0       0

ජීවක Tuesday, 01 December 2015 03:11 PM

මෙහෙම මිනිස්සු අද කාලේ බොහොම අඩුයි (නි)

:       0       0

අසංක Tuesday, 01 December 2015 03:29 PM

මේ වගේ වැඩ මාධ්‍යවලින් ප්‍රසිද්ධ කරන්න ඕන. මේ අයව ඇගයීමකට ලක් කරන්න ඕන. (බ)

:       0       0

මනෝරි Wednesday, 02 December 2015 06:17 AM

මෙච්චර මුදලක් ළඟ තියාගන්නේ නැතුව රාක්කේ උඩ තිබ්බේ මොකද දන්නේ නැහැ (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Tuesday, 01 December 2015 04:58 PM

මුදල්වලට කෑදරව නොයකුත් නොමිනිස්කම් කරන මෙම යුගයේ, දේවත්යෙන් සැළකියහැකි මෙවැන්නන් මුළු දැයටම ආදර්ශයකි (නි)

:       0       0

ජනක Tuesday, 01 December 2015 05:54 PM

කියක් හරි දුන්නනම් නේද හොඳ....(රේ)

:       0       0

ජනක Wednesday, 02 December 2015 07:39 AM

මෙවැනි උතුම් මිනිසුන් අගය කළ යුතුයි. ඩ්‍රීම් ස්ටාර් වගේ නෙවෙයි, මෙවැනි මිනිසුන් රටට ආඩම්බරයක් ඔබ දෙපලට තෙරුවන් සරණි. (බ)

:       0       0

පැතුම් Wednesday, 02 December 2015 12:23 AM

ගොඩක් වටිනා ක්‍රියාවක් (නි)

:       0       0

සෙන්සා Wednesday, 02 December 2015 09:24 AM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.. මිනිසාමයි ලොව ...........(ස)

:       0       0

කමල් Wednesday, 02 December 2015 02:38 AM

ලක්ෂ 14.5ක් අමතකකළ කෙනාගෙ මුහුණ දැකගන්න ආසයි මට. (නි)

:       0       0

බුද්ධික Wednesday, 02 December 2015 03:01 AM

මහතුනි ,මගෙන් ඔබලාට ප්‍රණාමය (ම)

:       0       0

අශා Wednesday, 02 December 2015 02:59 AM

මොවුන්ව පෙන්වන්න ඕන මොකද ලංකාවේ තවමත් හොද මිනිස්සු ඉන්නවා කියල පෙන්වන්න (ම)

:       0       0

අදිකාරම් Wednesday, 02 December 2015 03:09 AM

අමතක කළ කෙනා කිව්වේ ? (බ)

:       0       0

ටෙනිසන් Wednesday, 02 December 2015 03:10 AM

ජනක.මටත් ඔය ටිකම හිතුන. (බ)

:       0       0

රන්ජිත් Wednesday, 02 December 2015 03:47 AM

අද කවුද ලක්ෂ 14 අරන් බස් එකේ යන්නේ? කෑගල්ලේ බැංකුවට දැම්ම අම්පාරේ බැංකුවෙන් ගත්ත. එකයි අද ක්‍රමය. සුවර් එකටම මේ සල්ලි මොකක් හරි නීති විරෝදී ක්‍රමයකින් ලබාගත් මුදල්. අම්පාරේ ගංජා කෑගල්ලට සපයන කෙනාද දන්නේ නැත. එමනිසා පොලිසිය මිට ‍වඩා විමර්ශනශීලි වෙන්න තිබුන. (ස)

:       0       0

ප්‍රියනන්දන Wednesday, 02 December 2015 04:26 AM

මෙන්න හොඳ මිනිස්සු දෙවියන් හා සමාන (බ)

:       0       0

ප්‍රියනන්දන Wednesday, 02 December 2015 04:46 AM

පාසල් යන කුඩා දරුවන්නට හොද ආදර්ශයක් (බ)

:       0       0

ගාමිණි Wednesday, 02 December 2015 05:01 AM

අසංකගේ යෝජනාවට මගෙත් සහය පලකරනවා.මෙවැනි සේවක මහතුන්ගේ අවංක සේවය අගය කළ යුතුය (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site