IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බස් සැරසිලි ගැන තීරණ ගන්න කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

බස් රථ වල නිර්මාණය (Design) වෙනස් කිරීම් සහ විකරණය (Modification) සම්බන්ධව නෛතික තත්ත්වය

මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහන වල නිර්මාණය (Design) වෙනස් කිරීම සහ වාහන විකරණය (Modification) කිරීම සිදු කළ හැකිය. 

ඒ අනුව, 1983 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (තැනීම්) නියෝග වරින්වර සංශෝධනය කරමින්, වාහන විකරණය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් රෙගුලායි ගැසට්‌ නිවේදන මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. 

එහෙත්, පසුගිය කාලයේදී එවැනි නියෝග මඟින් ප්‍රකාශිත වාහන උපාංග සවි කිරීම් සහ නිර්මාණය වෙනස් කිරීම් වලට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර ක්‍රමවේද ඔස්සේ බස් රථ සැරසිලි සහ උපාංග විකරණය සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර අභ්‍යන්තර චක්‍රලේඛයක් ද නිකුත් කරනු ලැබ ඇත. එහෙත්, ඊට අදාළව මෝටර් රථ පනතේ විධිවිධාන පරිදි අදාළ නියෝග ප්‍රකාශයට පත් කිරීමක් සිදු කර නොමැත.

එබැවින්, මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන, බස් රථ සැරසිලි හා උපාංග හේතුවෙන් බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය කර, ඒ සම්බන්ධයෙන් විධිමත් පරිදි ක්‍රියා කිරීම සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දීමට තීරණය කර ඇත.



අදහස් (6)

බස් සැරසිලි ගැන තීරණ ගන්න කමිටුවක්

W.S. Suranga Tuesday, 11 March 2025 01:12 PM

මොනව‍ා කලත් කරදරකාරී සංගීත පද්ධති සහ හොන් වලට නම් අවසර දෙන්න එපා.

:       0       15

pakeer Tuesday, 11 March 2025 01:29 PM

හරි සරලයි... ජනතාවගෙන් අහන්න... මාර්ගගත සංගණනයක් කරන්න තීරණයක් ගන්න

:       0       13

හසක Tuesday, 11 March 2025 02:21 PM

සියලු පොදු ප්‍රවාහන බස්රථ, ත්‍රීරෝද, පාසල් ළමුන් ප්‍රවාහන රථ ආදී වාහනවලට වර්ණ ලබාදී ඒ නියමිත වර්ණය පමණක් භාවිතා කිරීමටත් වෙන් වෙන්ව හඳුනගන්න ලියාපදිංචි අංකයක් විශාල අකුරෙන් බඳෙහි නියමිත ස්ථානයක ප්‍රදර්ශනය කිරීමටත් නීති ගෙන ඒම කළ යුතු දෙයක්.

:       0       20

රට වැසියා Tuesday, 11 March 2025 02:51 PM

කමිටුව තීරණ ගන්නවා වගේම ඒවා ක්‍රියාත්මක කරන්න - බස් රථ වල කන පැලෙන්න දාන බජව් නවත්වන්න! එය පරිසර-ශබ්ද දුෂණය සේ සළක‍ා ඊට විරුද්ධව නීති-පනවන්න!

:       0       0

Nandalal de Silva - France Tuesday, 11 March 2025 03:21 PM

මා දැනට පදිංචි මෙරටෙහි, අපෙ " සකල සිරින් පිරි සිරි ලංකාවේ " වගේ පාවෙන තොරණ වැනි විවිධ වර්ණ වලින් සමන්විත බස් රථ ඇත්තේම නැහැ. පොදු බස් රථ , දෑසට ප්‍රිය ජනක වර්ණවලින් අලංකාර කර, ගමනාන්තය පැහැදිලිවම පෙනෙන ආකාරයට ප්‍රදර්ශනය කර තිබෙනවා. අපෙ රටේ සමහර බස් රථ වල අතුල්ලා තිබෙන පාට අස්සේ, ගමනාන්ත පුවරුව සොයාගන්නා විට බසය පිටත්වී හමාරයි !!! ඒ වගේම අප වාහනයක් මිලට ගෙන එයට විවිධ ගැජට් සවි කිරීමට නම්, රජයේ අනුමතය අවශ්‍ය වෙනවා. පිටත සවිකරන ගැජට් කෑලි නිසා මාර්ග අනතුරු හො පදිකයින්ට අනතුරු වළක්වා ගැනීම මෙහි ප්‍රධානතම හේතුවයි... එය අපටත් වලංගු නේද ...???

:       0       0

කමනි Tuesday, 11 March 2025 03:56 PM

බාහිර සැරසිලි කෙසේ වෙතත්, මේ අය නීති කඩමින්, මිනිස්සු මරන එක ගැන නෙවෙයිද අවධානය යොමු විය යුත්තේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 448 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site