IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


බස් සභාපති අවි අමෝරයි

වැඩිවූ තෙල් මිලට සරිලන සේ බස් ගාස්තු වැඩිකිරීම හෝ ඒ වෙනුවෙන් සහනයක් හෝ නොදෙතොත් අද මැදියම් රැයේ සිට රටපුරා බස් වර්ජනයක් සිදු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. බස්ගාස්තු වැඩි කළ යුතු ප්‍රතිශතය සභාපතිවරයා නොකියන නමුත් තෙල් මිල වැඩි කිරීමට පෙර සහනයක් දිය යුතුව තිබුණු බව ද අද දිනයේත් බෝහෝ මාර්ගවල බස් ධාවනය 50% කින් කඩුවී ඇති බව ද ඔහු කියයි.



අදහස් (0)

බස් සභාපති අවි අමෝරයි

කමල් Sunday, 12 February 2012 09:07 AM

බස් නැත්නම් පයින් යනවා.

:       0       0

Prabuddha Sunday, 12 February 2012 10:10 AM

ලංකාවේ බත් කන්නේ ගැමුණුලා විතරද?? බස් ගාස්තු වැඩිකරගෙන එයාලා හිටපු විදියටම සැපේ ඉදීවි. බස් එකේ වැඩට යන අසරණ මනුස්සයට මොකද වෙන්නේ?? රජයේ සංවර්ධන ක්‍රියාමාර්ගයක් ලෙස ලංගමට තව බස් ටිකක් ගෙනල්ලා, පෞද්ගලික බස් ලංකාවේ තහනම් කලානම් මෙයාලගේ ඇස් ඇරෙයි.

:       0       0

නිමල් Sunday, 12 February 2012 10:56 AM

මේ ගොල්ලන්ට ලාභය කියන්නේ තව බස් ගන්න සල්ලි කියන එක. අපි වගේ අප්පු හමිලට අදායම කියන්නේ එදා වේල හොයා ගන්න එක.

:       0       0

නිමල් Sunday, 12 February 2012 11:04 AM

කීයටවත් වැඩි කරන්න එපා. මෙයාලට වැඩි වෙලාවක් වර්ජන කරන්න බැහැ.

:       0       0

yaser Sunday, 12 February 2012 11:10 AM

බස් හිමියන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි කියන එක හරි. හැබැයි වර්ජන කළොත් දෙන්න හොද නෑ..

:       0       0

උදයකාන්ත Sunday, 12 February 2012 11:23 AM

දුම්රිය හැම වෙලාවෙම භාවිත කරනවා..

:       0       0

සුදත් කුමාර Sunday, 12 February 2012 11:27 AM

මෙයා හැම වෙලේස වර්ජන කරන්න හදන්නේ..

:       0       0

සම්පත් Sunday, 12 February 2012 12:27 PM

පයින්ම යමු..

:       0       0

sltk2004 Sunday, 12 February 2012 12:40 PM

මේ ගොල්ලො කියන තරම් බස් ව්‍යාපාර පාඩු ලබන්නේ නෑ. මෙය ඉතා වාසි දෙයක්. ඒක නිසා තමයි වැඩි වැඩියෙන් පුද්ගලික බස් ධාවනයට එක් වෙන්නේ...

:       0       0

කුමාරි Sunday, 12 February 2012 02:39 PM

බස් දුවන්න බැහැනෙ වතුරෙන්. තෙල් මිල වැඩිවීමට සාපේක්ෂව සේවකයන්ගේ වැටුප් වැඩිවෙන්නත් ඕන..

:       0       0

බෂා Sunday, 12 February 2012 02:57 PM

මේ ගොල්ලෝ කියන විදියට බස්ගස්තු වැඩිකලොත් අපිට පයින් යන එක සැපයි ඒක අපේ ඇගටත් හොදයි...

:       0       0

ශාන් Sunday, 12 February 2012 04:37 PM

බස් ගාස්තු වැඩි කළොත් මම නම් රැකියාවට පයින්ම යනවා..

:       0       0

චම්පික Sunday, 12 February 2012 04:51 PM

බස්වල යන මගීන් ගැන මේ ගොල්ලො කොහොමත් හිතන්නෙ නැහැ නේ, කොහොමත් ඉතින් යටම පුරුකෙ ඉන්නෙ අපීනේ, කවුරු මොනව කලත් තැලෙන්නෙ අපිමයි, කොන්දල ගහන මාටිය පාරත්... වදින්නෙ ඉතින් අහින්සක පිටමයි. මම නම් කියන්නෙ මෙයාල බස් ගාස්තු වැඩි කරන්න ඉල්ලනවනම්, බස් වල ප්‍රමිතියත් හිතන්න ඕන, අඩුම ගානෙ පිරිමි දෙන්නෙකුට හරියට වාඩිවෙල යන්න පුලුවන් දිග තියන ආසනයක් සහ ආසන අතර පරතරයක් වත් තියනවනම් කමක් නැහැ, ඒව ගැන කතා කරන්න කවුරුත් නැහැ නේ.....!!

:       0       0

මහින්ද Sunday, 12 February 2012 05:07 PM

මෙයාලා දැන් හොද පුරුද්දක් කරගෙන මේක, හිතාන ඉන්නේ හරියයි කියලා, දුප්පත් ජනතාව හූරගෙන කනවට එලවන්න ඕන..

:       0       0

ටී යටවර Sunday, 12 February 2012 05:17 PM

ගැමුණු සභාපති අපේ නායකයන්ටත් කලින් තීරණ ගන්න කෙනෙක් වගේ. ඔයාලගෙ බස්වල ගොඩක් යන්නේ හරි අමාරුවෙන්. පොඩ්ඩක් රට ගැනත් හිතන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site