(නිමල කොඩිතුවක්කු)
පොදු ප්‍රවාහන සේවයේ නියැළී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන එය වෙනුවෙන් වෙනමම කිව්. ආර් කේතුවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.
ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (8) ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාල නිලධාරීන් හා පැවති සාකච්ඡාවේදී මේ බව තීරණය කෙරිණ.
මෙමගින් ලංගම ඩිපෝ සහ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් එළඹෙන සතිය වනවිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන තුරු පොදු ප්‍රවාහන සේවය සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවය ලංගම ඩිපෝ මගින් හා මාකුඹුර, බැස්ටියන් මාවතේ ඉන්ධන පිරවුම්හල් මගින් සිදු කිරීමට නියමිතය.
ගමනාගමන කොමිසන් සභාව සහ පළාත් සභා ඒකාබද්ධව එම රථ නියාමනය කර අවශ්‍ය තොරතුරු ලබා දීමටත් එම තොරතුරු ද සැලකිල්ලට ගෙන අවශ්‍ය තීරණ වලට ලබන සතියේ එළඹීමටත් නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංගම සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බස් සදහා වෙනම කිව්. ආර් කේතයක්