IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බස් රථවලට විද්‍යුත් ටිකට් පතක්

(අංජුල මහික වීරරත්න)

පොදු ප්‍රවාහන සේවා සඳහා විද්‍යුත් ටිකට් පත් ( E- ticketing) ක්‍රමය හඳුන්වා දීම සඳහා මුදල් අමාත්‍යාංශයේ  අනුමැතිය හිමිව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී  සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවැසූයේ 

ජාතික බස් සංගම් හතක් ද මේ වන විට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා එකඟතාව පළ කර ඇති බවත් පළාත් මට්ටමින් ද ඒ පිළිබඳ අදහස් ලබා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක සහ  ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහත්වරුන් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්  ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපයේ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය එහිදී සඳහන් කළේය.

 



අදහස් (1)

බස් රථවලට විද්‍යුත් ටිකට් පතක්

mangala Tuesday, 08 August 2023 12:10 PM

මේක හරියට කලොත් බස් වල නියම ආදායම ගන්න පුලුවන්, කප්පම් දෙන එක නතර කරන්න පුලුවන්, බස් මඟ දිගට කොටන එකත් නතර කරන්න පුලුවන්, මගීන්ගේ මාරු සල්ලි වලට විදින එකත් නතර කරන්න පුලුවන්. කොච්චර අඬබෙර ගැහුවත් නොකෙරෙන එක තමා අවුල.

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site