IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බස් යතුරු - පැදි අනතුරින් සිසුහු දෙදෙනෙක් මරුට

(ජී.ඒ.පී.කුමාර සහ දයාරත්න ඇඹෝගම)

තඹුත්තේගම නොච්චියාගම මාර්ගයේ බී රනොරාව ප්‍රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් පාසල් සිසුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි ගාලදිවුල්වැව පොලීසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ බී රනොරාව ගාලදිවුල්වැව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ජයකොඩි ආරච්චිලාගේ මිළින්ද සම්පත් සහ ජයනන්දන පුෂ්පකුමාරගේ කවිදු මධුෂාන් රත්නායක නැමැති වයස අවුරුදු දහසයේ පසුවන පාසල් සිසුන් දෙදෙනෙකි.

මෙම සිසුන් දෙදෙනා නොච්චියාගම දුණුපොතගම විද්‍යා ප්‍රදීප විද්‍යාලයේ 11 වසර අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකි.

මියගිය සිසුන් දෙදෙනා කිසියම් අවශ්‍යතාවයක් සදහා යතුරුපැදියෙන් සිය නිවස අසල සිට දොඹවලගම මංසන්ධිය වෙත ගොස් නැවත නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී බී රනෝරාව මාර්ගයේ බී රනෝරාව වැවට මදක් නුදුරින් වු වංගු සහිත ස්ථානයකදී මෙම අනතුරට ලක්ව ඇත.

අදාල බස් රථය මහනුවර සිට නොච්චියාගම දක්වා ගමන් ගත් බස් රථයකි.පොලීසිය පවසන්ගේ අදාල සිසුන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව බස්රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුරු සිදුව ඇති බවයි.

 



අදහස් (5)

බස් යතුරු - පැදි අනතුරින් සිසුහු දෙදෙනෙක් මරුට

Brian Friday, 17 January 2025 07:01 AM

තරුණ මදය මරුවා කැඳවයි.

:       0       6

සාලිය Friday, 17 January 2025 08:16 AM

යතුරු පැදියේ වර්ගය කුමක්ද? මමත් එකක් ගන්න ඉන්නේ....

:       2       2

Janii Friday, 17 January 2025 09:19 AM

දැන් කොල්ලො හයි කැපෑසිටි ඉල්ලුවට තාම 200CC වගේ බයික් එකක් වත් පැදගන්න බෑ, තැරි ගහගන්නෙ නැතුව

:       1       6

Indika Friday, 17 January 2025 10:29 AM

අනිත් මිනිස්සුන්ව මරන්නේ නැතිව මෙහෙම වුණු එක හොඳයි. තමන්ට ජීවිතේට ආසාවක් නැති හින්දනේ ඔය තරම් වේගයකින් යන්නේ... අම්මලා, තාත්තලා පවු...

:       0       1

Thilak Saturday, 18 January 2025 05:53 AM

මේකෙ සම්පූර්ණ වැරැද්ද දෙමව්පියන්ගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site