IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බස් දෙකක් හැපී 45ක් රෝහලට

(ප්‍රසන්න පද්මසිරි)

බිබිල - අම්පාර මාර්ගයේ ළිඳකුඹුර ප්‍රදේශයේදී ලංගම බසයක් පෞද්ගලික බසයක පිටුපස ගැටී සිදුවූ අනතුරකින් ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් සහ මගීන් 45 දෙනකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

බිබිල මැදගම ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක  සේවක සේවිකාවන් පිරිසක් සිය සේවා මුර අවසන් වී නිවෙසක් කරා ප්‍රවාහනය කළ පෞද්ගලික බසයේ එම මාර්ගයේ එකම දිසාවට ධාවනය වූ ලංගම බසය එහි පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙ.

අනතුරින් පසු බසය මීටර් 20 පමණ දුරට ඇති ගොස් ඇති අතර පෞද්ගලික බසයට බරපතල ලෙස හානි සිදුව තිබේ. තුවල කරුවන් අතර ඇඟළුම් කම්හල් සේවක සේවිකාවන් මෙන්ම ලංගම බසයේ මගීන්ද සිටින බව බිබිල පොලිසිය කියයි.

තුවාලකරුවන් බිබිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

අනතුර සිදුවන අවස්ථාවේ පෞද්ගලික බසයෙ ඇඟළුම් සේවක සේවිකාවන් 55 - 60 අතර ප්‍රමාණයක් ගමන් කර ඇත.



අදහස් (0)

බස් දෙකක් හැපී 45ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site