IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බස් කප්පම් නවතන්න ජනපති පෙරමුණ ගනී

බස් රථ හිමිකරුවන්ගෙන් හා රියදුරන්ගෙන් කප්පම් ගැනීම වැළැක්වීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කරන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීන්හි සභාපතිවරුන්ට උපදෙස් දී ඇත.

කලක සිට පවතින මෙම දූෂිත තත්වය පිළිබඳ රජයේ විශේෂ අවධානය යොමුවී ඇතැයි කී ජනපති රටේ සියලු ක්ෂේත්‍රවල වංචා, දූෂණ, අක්‍රමිකතා හා අයහපත් තත්ත්වයන් වෙනස් කිරීමට රජයක් ලෙස දැඩි තීන්දු තීරණ ගන්නා බවත් පැවසීය.

ජනපති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගැටළු පිළිබඳ ජනපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

දවසකට රුපියල් 20 සිට රුපියල් 1000 වැනි මුදල් ද ඇතැම් විට ඊටත් වැඩි මුදලක් බස් රථවලින් අය කරන කප්පම්කරුවන් අති විශාල මුදලක් උපයන බවත් සමස්තයක් ලෙස ලංකාව පුරා දිනකට රුපියල් කෝටියක පමණ කප්පම් මුදල් ගන්නා බව බස් සංගම් නියෝජිතයකු පැවසීය.



අදහස් (0)

බස් කප්පම් නවතන්න ජනපති පෙරමුණ ගනී

නිමල් රාජපක්ෂ Tuesday, 01 March 2016 11:33 PM

මේක පටන්ගත් කාලේම නවත්වපු නැති එකේ ප්‍රතිඵල. පළමුව සන්තෝසම් පසුව කප්පම් වුණා (නි)

:       0       0

කලණි විතානගේ Wednesday, 02 March 2016 02:04 AM

මේ සමාජ පිළිලය මුලිනුපුටා දැමීම සඳහා ජනපතිතුමාගේ අවධානය යොමුවීම ඉතා හොඳයි. (නි)

:       0       0

ජගත් Tuesday, 01 March 2016 02:29 PM

ඔය තත්වය තිබෙන්නේ ප්‍රධාන නගර සහ නාගරික පෙදෙස් වලයි. මේ "දේශපාලන බල ඇති වේලා සටහන්කරුවන් " යනුවෙන් හැඳින්වෙන නිලය අහෝසිකළ යුතුයි. පුද්ගලික බස්හිමි සංගමෙන්ම එම කටයුතු නිරීක්ෂණය කළා නම් ප්‍රශ්නේ ඉවරයි (නි)

:       0       0

ද සිල්වා Tuesday, 01 March 2016 02:57 PM

මේ කප්පම් ගන්න මුලිකවෙලා ඉන්නේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්ම වෙන්න පුළුවන්. මේක හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් නේද? පසුගිය කාලයේ නිලධාරීන් කප්පම් ගන්න හැටි පෙන්වන වීඩියෝවක් මම දැක්කා. ඒකේ යස අගේට කප්පම් ගන්න හැටි දකින්නට ලැබුනා (නි)

:       0       0

කමනි Tuesday, 01 March 2016 03:51 PM

එතකොට මඟීන්ට වෙන හිරිහැර? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site