(රන්ජන් කස්තුරි)
බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු රජයේ පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් මෙම 30 වැනි දා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්.පීරිස් මහතා පවසයි.
කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් එලෙස මෙම සතියේ පාසල් වසා තැබෙන බව ද අමාත්‍යවරයා කියයි.
එම පළාත්වල පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සති අන්තයේ තීන්දුවක් ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ජයටම සැමරුවා නම් මේ දේවලුත් බලාපොරොත්තු වෙන්න ඕනෑ. මේ පටන් ගත්තා විතරයි. දැන් සැපද?.
මොකක්ද මේ කරන විකාර වැඩ? මේ ප්‍රදේශවල විතරක් නෙමෙයි. විශ්ව විද්‍යාල වගේ රටේ සියලුම පාසල් සති 2ක් වසා තබන්න. සමහර වෙනත් ප්‍රදේශවලත්, රෝගය තියෙන ළමයින් ඉන්නා බවට තොරතුරු ලැබෙනවා. බෝවුණු පසු වහනවට වඩා සියලුම පාසල් සති 2ක් වසා තිබ්බාම, රටම සති 2 වසා තිබ්බාම රෝගය බොහෝ සේ පාලනය වෙනවා. මේ අයට ඕනෑ ලෙඩේ පතුරවමින් රට පාලනය කරන්න...
අපේ රටේ මුහුදෙන් වටවුණු වාසනාවන්ත රටක්... ඒ වුණාට මේ වාසිය අරන් මේ රෝග පාලනයට විධිමත් වැඩ පිළිවෙළක් තියෙනවද?
පාසල් ඔන්ලයින් ක්‍රමයට පවත්වාගෙන යමු. අඩුම තව මාසයක්වත්...
ආණ්ඩුවත් හරියට අහස වගෙයි
අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගෙ වැඩ මේවා.
සර් තමයි හොදට කරලා තියෙන්නේ... මේ ආණ්ඩුවේ එකම තුරුම්බුව ජාතිවාදයයි...