(ඉන්දිකා රාමනායක)
බූස්ස අධි ආක්ෂිත බන්ධනාගාරයේ දී බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ පිරිසක් පසුගියදා අතර ඇති වු ගැටුම සමථයකට පත්කර ඇති බවත්, මෙම සිද්ධිය එහි නේවාසික සිටින සිර හා සැකකරුවන්ට කිසිදු බලපෑමක් එල්ල නොවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අද (14) පැවැසීය.
මෙම සිදුවීම එහි නේවාසිකයන් ජීවිත වලට තර්ජනයක් බවට බාහිර පාර්ශවයන් විවිධ මත ඉදිරිපත් කර ඇති බවත් රජය , බන්ධනාගර දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්ය බලකාය අපහසුතාවය පත් කිරීම සදහා එම පිරිස් මෙම ප්‍රකාශ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
සිද්ධිය සිදුවීමෙන් පසු බන්ධනාගාර අධිකාරිවරයා සහ විශේෂ කාර්ය බලකායේ එහි සිටි උසස් නිලධාරීන් සිද්ධිය සමතයට පත් කිරීමට කටයුතු කර ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
ඉකුත් (11) දින රාත්‍රි 8.00 පමණ විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනකු බෑගයක් සහිතව බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් ඇතුලු වීමේ දී එහි රාජකාරියේ නිරත බන්ධනාගාර හදිසි ප්‍රචාර උපක්‍රමික බලකායේ නිලධාරීන් සිදුකළ පරීක්ෂාවේ දී එහි තිබී මත්පැන් බෝතල් දෙකක හමුවී ඇති බවත්, මෙම මත්පැන් බෝතල් දෙක බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන්ගේ බාරයට ගෙන එහි සහකාර අධිකාරිවරයාට සිද්ධිය දැනුම් දී ඇති බවද හෙතෙම කීය.
මෙම සිද්ධියෙන් පසු විශේෂ කාර්ය බලකායේ සහ බන්ධනාගාර නිලධාරීන් අතර යම් කලහාකාරි සිද්ධියක් හටගෙන ඇති බවත් ද හෙතෙම කීය.
මෙම සිද්ධිය ඇති වු පසු ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරිවරයකු පත් කර ඇති බවත්, බන්ධනාගර දෙපාර්තමේන්තුව වෙනුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කු මහතා පත්කර ඇති බවද හෙතෙම කීය.
වසර 2 කාලයක සිට විශේෂ කාර්ය බලකාය බන්ධානාගාර නිලධාරීන් සමග එක්ව ඉතා සුහදව හා සාමිකාමි අන්දමින් එම කටයුතු කළ බවත්, සිද්ධියෙන් පසුවද දෙපාර්ශවය අතර පෙර පරිදි බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගරය තුළ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලවත් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය.
මෙම සිද්ධියෙන් පසු එහි වැරදි කරුවන්ට වින්‍යානුකූලව ක්‍රියා මාර්ග ගැනීමට අංශ දෙකම කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් කීය.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා චන්දන ඒකනායක මහතා මේ බව පැවසුමේ බන්ධනාගාර මුලස්ථානයේ අද මේ සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බූස්ස බන්ධනාගාර නිලධාරී-එස්.ටී.එෆ් ගැටුම සමථයකට