IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


බස්වල වෙළෙඳාම තහනම කාලයට උචිත තීරණයක්

පෞද්ගලික හා ලංගම බස්රථවල සිදු කෙරෙන වෙළඳාම් කටයුතු වහාම නවත්වන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ  සහ  විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා ජාතික ගමනා ගමන කොමිසමට හා ලංකා ගමනා ගමන මණ්ඩලයට උපදෙස් දී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

සිය වසකට පසුව පැමිණ ඇති ලෝක වසංගතය මුළු ලෝකයම තම අණසකට ගැනීමට සමත්ව තිබේ. අප රටද එහි පහසු ගොදුරක් බවට පත් වුවද ජාතියේ වාසනාවට එම තත්ත්වය පාලනය කිරීමට සමත් විය. එහෙත් කන්දකාඩු දෙවැනි කොරෝනා පොකුර රට යළිත් පතුල නොපෙනෙන අගාධයකට ඇදගෙන යමින් තිබෙන සෙයකි. මහජනයා සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්  තැකීමක් නොකිරීම දෙවැනි කොරෝනා පොකුරට ප්‍රධානම හේතුව වී ඇති බව  සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසය. එහෙයින් පවතින  තත්ත්වය සරලව ගෙන කටයුතු නොකළ යුතුය.

ගුවන් නියමුවකුට සිය පුහුණුවේදී පළමුව ලබාදෙන උපදේශය වන්නේ ‘‘ඔබට අත්වැරදීමකට ඉඩක් නොමැති’’ බවය. කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ එම උපදේශය දිවමන් වැකියක් ලෙස දෝතින්ම බාර ගත යුතුය. වගකීම් විරහිත එක් පුරවැසියකුගේ ක්‍රියා කලාපය හරහා රට මෙයට පෙර නොතිබූ තරමේ දරුණු අර්බුදයකට ගොදුරුවිය හැකිය.

රට පළමුවෙන්ම කොටස් දෙකකට බෙදිය යුතුය. ඒ කොරෝනා වසංගතයට ගොදුරු වීමට පෙර තිබූ රට හා කොරෝනා ආක්‍රමණයට ගොදුරු වූ පසු රට යනුවෙනි. සැබැවින්ම කොරෝනා වසංගතයට ගොදුරුවීමට පෙර පැවැති  රටෙහි ජීවත්වූ ආකාරයට දැන් ජීවත්වීමේ හැකියාව නැත. පරණ පුරුදු ජීවිතයට යාමේ හැකියාව නැත. සෑම පුරවැසියකුම තදින් ඒ බව ග්‍රහණය  කරගත යුතුය.

පෞද්ගලික බස් රථවල හා ලංගම බස්රථවල වෙළඳාම් කිරීම වහාම නවත්වන ලෙස ප්‍රකාශයට පත්වී ඇති නියෝගය අප හඳුනාගත යුතු වන්නේ ඉහත තත්ත්වයට යටත්වය. පෞද්ගලික බස්රථවල හා ලංගම බස්රථවල වෙෙළඳාම්  කරන්නෝ ධන කුවේරයෝ නොවෙති. එදා වේල පිරිමසා ගන්නා අහිංසක ජනයා වෙති. ඔවුන් තම දරු පවුල රක්ෂා කරන්නේ බස්රථවල සිදු කරන මෙම සුළු වෙෙළඳාමෙනි. එයට එරෙහිව නීති පැමිණවීම එම ආදායම් මාර්ගය මුළුමනින්ම අත්හිටුවීමකි. එහෙත් පවතින තත්ත්වය හමුවේ එවැනි දුෂ්කර හා අකාරුණික කොන්දේසිවලට යටත්වීමට සිදුව තිබේ. එයට වෙනත් විකල්ප නැත.

 දුම්රියවල ජංගම වෙළඳාම ඉකුත් මාර්තු මාසයේ සිටම අත්හිටුවා තිබේ. දැන් පෞද්ගලික හා ලංගම බස්රථවල වෙළඳාම තහනම් කර තිබේ.  ඇතැම් ජංගම වෙළෙන්දන් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකරන බවට මහ ජනයා වෙතින් ලැබෙන පැමිණිලි හේතුවෙන් මෙම තහනම ක්‍රියාත්මක කර තිබේ. ඇතැම් ජංගම වෙ​ළඳුන්  බස්රථ තුළ විවිධ  ආහාර  ද්‍රව්‍ය, වතුර බෝතල් ආදිය  අලෙවි  කිරිමේදී බස්රථ ගණනාවකට ගොඩවන බවත් ඇතැමුන් නියමිත සෞඛ්‍යරක්ෂිත  පිළිෙවත්  අනුගමනය  නොකරන  බවටත් චෝදනාවකි.

 මෙම තත්ත්වය සුළුවට ගත නොහැකිය. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුර එක් අතකින් වගකීමෙන් තොරව ක්‍රියා කිරිමේ ප්‍රතිඵලයකි. අපගේ සමාජයේ එක් දුර්ගුණයක් වන්නේ කිසියම් අනතුරක තර්ජනාත්මක ස්වරූපය තුනී වී යාමට පටන් ගැනීමත් සමග  සියලු තත්ත්ව අමතක කර දමා පරණ පුරුදු ජීවන රටාවට යොමු වීමය. ඩෙංගු මාරයා ඉදිරිපිටදීද මෙම තත්ත්වය මැනවින් ඔප්පු වේ. එහෙත් ඖෂධයක් හෝ  එන්නතක් සොයාගෙන නොමැති ලෝක වසංගතයක් ඉදිරියේ එබඳු වගකීම් විරහිත හැසිරීමක් යනු දින නියමයක් නැති මරණ සහතිකය අතට ගැනීමකි.

කොරෝනා මාරාන්තික උවදුරට ඇති  එක් ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වනුයේ ආරක්ෂාවීමය. විවෘත කළ පාසල් යළිත් සතියකට වසා දැමුණි. ජාතියේ දූ පුතුන්ගේ අධ්‍යාපනයට එමගින් එල්ලවන බාධාව අති මහත්ය. එහෙත් මේ මොහොතේ පළමුවත්. දෙවැනුවත්, තෙවැනුවත් අවධානය යොමු කළ යුතු වන්නේ  පුරවැසියන්ගේ  ජීවිතාරක්ෂාව  සම්බන්ධයෙනි.  ඒ වෙනුවෙන් ගත යුතු පියවර කොතරම් දුෂ්කර වුවද අකාරුණික වුවද ගත යුතුමය.

බස්රථවල  හෝ දුම්රියෙහි වෙ​ළඳාමේ නිරත වෙ​ළඳුන්ට විකල්ප මාර්ග තනාදිය හැකිය. ඒ කෙසේදැයි මේ මොහොතේ සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත. එහෙත් අප රට යනු අභියෝග අවස්ථා බවට පත් කරගත් පුරවැසියන් සහිත රටකි. රළ ගසන සකල අගති කුදලා දැමීමට නොපසුබස්නා අධිෂ්ඨානයෙන් ක්‍රියා කළ හා කරන ජාතියකි. කොරෝනා මුල් වටය අප ජය ගත්තේ ඒ බලගතු මහඟුසම්පන්න, මහානුභාව සම්පන්න ක්‍රියාකාරිත්වයෙනි. මෙවරද එලෙසම විය යුතුය. මේ මොහොතේදී ගත යුතු පියවර නොවැනී ගත යුතුය. නොපමාව ගත යුතුය. ප්‍රමාදය මරණයට හේතුව බව බුදු බණෙහි සඳහන් සනාතනික දහමකි.



අදහස් (7)

බස්වල වෙළෙඳාම තහනම කාලයට උචිත තීරණයක්

කමල් Thursday, 16 July 2020 06:23 AM

තහනම් කළාට කමක් නෑ. ඒ වෙළෙඳුන්ට ජීවත් වීමට සහනාධාරයක්වත් ලබා දීලා. අනිත් මිනිස්සුන්ගේ මනා පැවැත්ම උදෙසා ඒ වෙළෙඳුන් හා ඔවුන්ගේ පවුල් හාමතේ තැබීම සාධාරණ නෑ.

:       2       14

raviThursday, 16 July 2020 08:21 AM

අපේ ඇසි ඉදිරිපිටම... කොන්දොස්තර පුද්ගලයෙකුට මත්ද්‍රව්‍ය වික්කා.. අපි කැමැතියි මේ වගේ දේවල් තහනම් කරනවට..

:       0       3

Jayarathna Thursday, 16 July 2020 10:06 AM

මහනුවර, මාවනැල්ල අතරතුරේදී මාවනැල්ල සහ කඩුගන්නාව අතර මග වෙළෙන්ඳන් බොහෝ දෙනෙක් බස්රථවලට ගොඩවෙයි. වේගයෙන් ධාවනය වන බස්රථ තුළ බාස්කට් සහ කූඩ රැගෙන බඩඉරිඟු, වඩේ, පැටිස්, පලතුරු ආදිය වෙළඳාම් කරනවා. මොවුන් නිසා මගීන්ට කරදරයකි. සෑම දිනටම මෙම වෙළඳාම් නතරකළ යුතුයි.

:       0       13

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 16 July 2020 10:35 AM

කතාව ඇත්ත.. මේ රැකියාව කරන්නන් අන්ත අසරණ දුගී ජනතාව .. මේ අතරට දබ්බරයන්ද නැතිවා නොවේ. ඒත්, පොදුවේ මේ අසරණයින්ට වෙන පාඩුව සංවේදී අපහට දුකක් වුවත්, මේ වසංගත වෛරසය මර්ධනයේදී මීට ඉඩක් දීමට නොහැකියි. එය පොදු යහපත වෙනුවෙනි. මෙයින් පසුව හෝ මේ වෙළෙන්ඳන් හට නිසි සෞඛ්‍ය ක්‍රමවේද ගැන මහජන සෞඛ්‍ය අංශ දැනුමක් ලබාදී ඔවුන් පිරිසිඳු ලෙස වෙළඳාමේ යෙදවිය යුතුයි. කොරෝනා නොඑන්නට සෞඛ්‍ය බලධාරීන් මේ සම්බන්ධව තාමත් නින්දේය..

:       0       37

සුමනදාස Sunday, 19 July 2020 11:51 AM

ගෙවල් ගානේ ඡන්ද හිඟාකාගෙන එන අයව නවත්වන්නත් පුලුවන් නම් ලොකු දෙයක්...

:       0       0

mahinda Monday, 20 July 2020 01:38 AM

දැන් බස්වල හිටගෙන යන එක නැවැත්තුවද?

:       0       0

mahinda Monday, 20 July 2020 01:38 AM

දැන් බස්වල හිටගෙන යන එක නැවත්තුවද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 456 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16933 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site