IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘බැසිල්ට හිරේ එක දවසක් සජිත්ට මාස 10 යි‘ - එස්.බී

‘බැසිල් එක දවසක් රිමාන්ඩ් එකට ඇරියනම් සජිත් ප්‍රේමදාස මාස 10 කට හිරේ යවන්න ඕන. මේ 18 වැනිදායින් පස්සේ අපි ඒක වෙනම බලමු.‘ යැයි ඇමැති එස්. බී. දිසානායක මහතා උඩුනුවරදි ඉරිදා පැවැති උත්සවයකදී පැවසීය.

ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත් කරගත්තා. ඒ අවස්ථාවේ රනිල්ට මන්ත්‍රිවරු 47 යි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ අපිට 127 යි. අපේ සන්ධානයට 146 යි. අපේ මන්ත්‍රිවරු සේරම කෑගහන්න පටන් ගත්තා. අපේ 147 ක් තියාගෙන මොකද කරන්නෙ රනිල්ව ඇදල එළියට දාමු කියල. ඒක බොහොම ලේසියෙන් කරන්න තිබ්බා. නමුත් මම ඒ අවස්ථාවෙ කිවුවා ‍එහෙම කරන්න එපා. අපි රනිල් මලක් වගේ බලාගන්න ඕන. ඒ රනිල්ට ආදරේටවත් එක්සත් ජාතික පක්ෂයට ආදරේටවත් නෙමෙයි. මොකද ඒ අවස්ථාවේ අපිට මැතිවරණය ප්‍රමාද කරගන්න ඇති වුවමනාෙ නිසා. අපි එය ඉතාම සාර්ථකව කර ගත්තා. අපිට අවශ්‍ය වෙලාවට මැතිවරණය ගත්තා. දැන් එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට යන්නෙ රටේ සංවර්ධනය මුලින් කඩා දාපු සංවර්ධනය නවත්වපු මෑත භාගයේ ලංකාවෙ වෙච්ච ලොකුම හොරකම කරපු පක්ෂය හැටියට මැතිවරණයට යන බවත් මේ ඡන්දය දිනිම පිළිබඳ කිසිම ගැටළුවක් නැති බවත් අමාත්‍යවරයා කීවේය.

 



අදහස් (0)

‘බැසිල්ට හිරේ එක දවසක් සජිත්ට මාස 10 යි‘ - එස්.බී

චන්න බුවනක Monday, 10 August 2015 03:35 PM

ඔය මොනවා කීවත් වැඩක් නැහැ. 17 න් පස්සේ බලමු. (බ)

:       0       0

නිහාල් Monday, 10 August 2015 05:26 AM

ඇත්තටම දිවවල් කීයක් තියෙනවද (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 10 August 2015 05:27 AM

මේ ටික මේ රටේ කවුරුත් දන්නවා (නදී)

:       0       0

සම්පත් Monday, 10 August 2015 05:33 AM

බොරුනම් බලන්න මෙයා 18 වැනිදාට ගෙම්බා වගේ පනින පිම්ම (නදී)

:       0       0

හුසේන් මොහමඩ් Monday, 10 August 2015 05:53 AM

එස්. බී. හොඳටම දන්නවා ඒ අය මේ පාරත් පරදිනවා කියලා. කිව්වා වගේම දෙකක් නැහැ අනිවාර්යයෙන් මේ පාරත් පනිනවා ගෙම්බෙක් වගේ තනියම නෙමේ තව ගැන්සියක් එක්ක. ඔය දේශපාලන බයිලා අපි හැමදාමත් අහනවනේ. (නදී)

:       0       0

ප්‍රශීන් Monday, 10 August 2015 05:53 AM

බැසිල් කොහෙද රිමාන්ඩ් එකේ හිටියේ. තනිකරම හිටියේ සුව පහසු රෝහල් කාමර වලයි ඇම්බියුලන්ස් එකෙයිනේ (නදී)

:       0       0

ඉසුරන්දි Monday, 10 August 2015 05:55 AM

ලංකාවේ ස්වීට් වොයිස් එක.(නදී)

:       0       0

ජයපාල Monday, 10 August 2015 06:00 AM

මේවා බලලා අපිට පිස්සු හැදෙනවා. මේ මිනිස්සුත් වාසී පැත්තට හෝයියා (නදී)

:       0       0

අ.ජේ.තිලකරත්න Monday, 10 August 2015 06:09 AM

මේවගේ ප්‍රකාශ වලින් පැහැදිලිවන ඒක කරුණක් තියනවා. වැරදිලාවත් 18 වෙනිදට පරණ අය බලයට ආවොත් රට ජාතිය ගැන කතා කලාට අපේම ජාතියේ යු.ඇන්.පී පාක්ෂකයින් සමුල ඝාතනය කරනවා. ගිය සැරේ කලේ රස්සා නැතිකරන එක විතරයි. මේ සැරේ මහා ලේ විලක් වගුරනවා.(නදී)

:       0       0

අර්ජුන රණවන Monday, 10 August 2015 06:31 AM

යමක් කියන්නට කලින් මෙය කීමෙන් තමන්ටද අනුන්ටද හානියක් වන්නේ නම් නොකිය යුතුය. වචනය පිට උනාට පසු නැවත ආපසු ගත නොහැකිය. එක වතාවකදී උසාවි තීන්දුවක් විවේචනය කර හිරේ හිටියා. ජනාදිපතිවරනයේදී කාගේදෝ රෙදි ගලවනවා කියා අන්තිමට එයා ලග දැනගහුවා. මාලුවා නහින්නේ කට නිසා. (නදී)

:       0       0

රණතුංග Monday, 10 August 2015 06:33 AM

දැන් ලංකාවේ චීන්නු නෑ. (නදී)

:       0       0

රේණුකා Monday, 10 August 2015 06:37 AM

එක පාරක් චන්ද්‍රිකාට මොකක්දෝ කියල අදිකරණයට අපහාස කලා කියල හිරේ ගියා. ආයෙත් යන්න වගේ කල්පනාව (නදී)

:       0       0

සුමිත් Monday, 10 August 2015 06:40 AM

උසාවියට අපහස කරලා මෙයත් හිරේ හිටිය නේද ? ඔය කට තාමත් හැදිලා නැහැ. විශ්වවිද්‍යාල සිසුන්ට මෙයා කුඩැල්ලෝ කිව්වනේ (නදී)

:       0       0

තුවාන් Monday, 10 August 2015 06:45 AM

කට කට ! (නදී)

:       0       0

යහම්පත් Monday, 10 August 2015 06:48 AM

එස් බී දිසානායක දෙපැත්තෙන් කතා කරන කටක් තිබෙන කෙනෙකු බව බහුතරය දන්නවා. වාසිය වෙනුවෙන් ඕනෙම බොරුවක් මොහුට කිව හැකිය (නදී)

:       0       0

ලංකා Monday, 10 August 2015 06:58 AM

උඩුනුවර අපි ඔබ තුමාට යුක්තිය ඉෂ්ට කරන්නන් 18 වැනිදාට (බ)

:       0       0

බුද්ධික Monday, 10 August 2015 12:48 PM

මෙයාට ඡන්දෙ දෙන උන්ට මඩු වලිගෙන් ගහලත් මදි (බ)

:       0       0

මහේෂ් Monday, 10 August 2015 09:05 AM

ඔය ඉතින් එයා ඉන්න බව පෙන්නන්නනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site