(ධම්මිකා බාලසූරිය)
පාසල ඇරී නිවසට ඒමට බස් රථයෙන් බැස පාර මාරුවීමට යාමේදී පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයකට යටවී එකොලොස් හැවිරිදි සිසුවකු මියගොස් ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි.
කටුපොත, මූණමල්දෙනිය ප්‍රධාන මාර්ගයේ අන්ගමුව ප්‍රෙද්ශයේදී අද සවස දෙකට පමණ මෙම මාරක රිය අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
බස්රථය නැවැත්වූ අවස්ථාවේ සිසුන් කිහිප දෙනෙකුම බස්රථයේ ඉදිරිපස දොරෙන් බැස ඇති නමුත් මෙම සිසුවා බැස ඇත්තේ බස්රථයේ පිටුපස දොරෙනි.
බස්රථය කටුපොත දෙස සිට, මූණමල්දෙනිය දෙසට ධාවනය කර ඇති අතර කුඩා ලොරි රථය මූණමල්දෙනිය දෙස සිට කටුපොත දෙසට ධාවනය වෙමින් තිබී ඇතැයි පොලිසිය කියයි.
බස්රථයෙන් බැසගත් සිසුවා පාර මාරු වීමට ඉදිරියට ඇදෙනවාත් සමග පැමිණි ඩීමෝ බට්ටා රථයේ හැපී මද දුරක් රථය සමගින් ඉදිරියට ඇදී ගොස් තිබේ.
අනතුර සිදුව සුළු කාලයක් තුල දරැවාව කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇතත් රෝහලට ඇතුළත් කරන විටත් දරැවා මිය ගොස් සිට ඇත.
මෙලෙස අනතුරින් මිය ගොස් ඇත්තේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ , මොරගනේ මහා විද්‍යාලයේ හය (6) වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අනුක්කන්හේන, මගුලාගම පදිංචිව සිටි අයි එච් හිමාෂ ඉදුනිල් නමැති එකොළස් හැවිරිදි සිසුවෙකි.
අනතුර සිදුවූ ලොරි රථයේ රියදුරු දමුණුව, මොරගනේ පදිංචි අයෙකු වන අතර රියදුරු සහ රථය පොලිසිය බාරයට ගෙන තිබේ.
කුලියාපිටිය කොට්ඨාශ බාර සහකාර පොලිස් අධිකාරී අතුල අබේරත්න මහතාගේ නියෝගය මත හෙට්ටිපොල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඡායා කුමාරසිංහ මහතාගේ උපදෙස් මත, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සූරියහෙට්ටි මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් 33505 සිසිර මහතා විසින් පරීක්ෂණ සිදුකරයි.

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසයෙන් බැස පාර පැන්න සිසුවා ලොරි මාරයාට බිලි
Ruhunu Wednesday, 19 April 2023 03:10 AM
නිවන්සුව ලැබේවා පුතේ ඔයාට