IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බස්නාහිර සබේ කුණුහරුප ගලයි

බස්නාහිර පළාත් සභාවේ අද (19) රැස්වීමේ දී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී උපාලි කොඩිකාර මහතා අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග ගොස් විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා සිය මේසය මත තිබූ ශ‍්‍රවණ උපකරණය ගලවා කොඩිකාර මන්ත‍්‍රීවරයා වෙත දමා ගැසීය.

මෙම වචන හුවමාරුව සිදුවූයේ උපාලි කොඩිකාර මන්ත‍්‍රීවරයා වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් නගමින් සිටි අවස්ථාවේ දීය.

කොඩිකාර මන්ත්‍රී පැවසුවේ රංජිත් සෝමවංශ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ එම අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන යටතේ අඩු ආදායම් ලාභීන්ට බෙදා දීම සඳහා තමා ඉල්ලූ භාණ්ඩ වර්ග කිහිපයක් අතුරින්  සිමෙන්ති පමණක් ලබා දුන් බවයි. අනෙකුත් භාණ්ඩ  ලබා නොදීම නිසා  එම සිමෙන්ති  දිර්ඝ කාලයක්  තිස්සේ  තමාට  තබාගැනිමට  සිදුවු  බවත්  මේ ගැන ප්‍රශ්න කිරිමට පොලිස් මුල්‍ය  අපරාධ කොට්ඨාසය වෙත කැඳවාවිදැයි බියක් පවතින බවත්  සිමෙන්ති ද ගල්වෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

පෙරේරා මහතා පැවසුවේ අඩු ආදායම්ලාභී ජනතාවට බෙදා දිය යුතු භාණ්ඩ මන්ත‍්‍රීවරයකු දීර්ඝ කාලයක් තිස්සේ ළඟ තබාගැනීම වරදක් බවයි.

එලෙස සිමෙන්ති තොගයක් ළඟ තබාගෙන සිටින්නේ නම් උපාලි කොඩිකාර මන්ත‍්‍රීවරයාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවිය යුතු යැයිද විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා කීවේය.

එහි දී උපාලි කොඩිකාර මහතා දැඩි ලෙස කෝපයට පත්ව යූ. ජෝර්ජ් පෙරේරා මහතාට බැණ වැදුණු අතර ඔහු විසින් අසභ්‍ය වචන ද ප‍්‍රකාශ කිරීම නිසා ජෝර්ජ් පෙරේරා මහතා ද මන්ත‍්‍රීවරයාට අසභ්‍ය වචනයෙන් බැන වදින්නට විය.

දෙදෙනා සන්සුන් කිරීමට සභාවේ මුලසුනෙහි සිටි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාට දැඩි උත්සහයක් ගත්තේය.



අදහස් (0)

බස්නාහිර සබේ කුණුහරුප ගලයි

සොපි Wednesday, 20 January 2016 06:49 AM

මඩු වලිගය ගමුද? (නි)

:       0       0

අර්නෙස්ටෝ Tuesday, 19 January 2016 08:37 PM

ලක්වැසියන් යහමඟට යවන්නෝ නේද මේ? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 20 January 2016 06:50 AM

නාමයෝජනා දෙන අයත් වගකියන්න ඕනෑ මේවාට. (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 20 January 2016 01:32 AM

මහජන නියෝජිතයන් වියයුත්තේ අඩු වශයෙන් සංයමයක් ඇතුව කතා කරන්නවත් හැකියාවක් තිබෙන අය වියයුතුයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 20 January 2016 02:35 AM

මේගොල්ලන්ව මෙතනට යවන මිනිසුන්ට බුවල්ලෙන් තලන්නයි ඕනෑ. (නි)

:       0       0

නිමල් Wednesday, 20 January 2016 03:13 AM

මේ වගේ අය මොකට මිනිස්සු පත්කර ගන්නවද මන්දා (නි)

:       0       0

අරුණ Wednesday, 20 January 2016 03:09 AM

මෙයාලා ගැන මොන කතාද? (නි)

:       0       0

හිමාල් Wednesday, 20 January 2016 03:19 AM

බෙදාදෙන්න කියලා ලැබුණා නම් තමන් ළඟ තියාගන්නෙ නැතුව එක්කෝ බෙදාදෙන්න තිබුණා. නැත්නම් පළාත් සභාවේ ගබඩාවක තියන්න තිබුණා. වෙලා තිබෙන දේ හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

දිනේෂ් Wednesday, 20 January 2016 03:36 AM

මේ ගොල්ලන්වත් සිංගප්පුරුවේ අරින්න. තව තව ට්‍රේන් වෙලා ඒවි, නැත්නම් වේ වැල් පාර කාලා ඒවි. තෙල වැඩිවෙලා.(බ)

:       0       0

ආනන්ද Tuesday, 19 January 2016 04:30 PM

ඔය කට්ටියගේ හැටි දැන් මුළු ලංකාවම දන්නවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site