IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බස්නාහිර සබෙනුත් ෆොන්සේකාට ඉඩක්

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රක්‍ෂක, කාන්තා කටයුතු අමාත්‍යධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ලැබීමේ ඉඩක් ඇති බව වාර්තා වේ.

මෙම අමාත්‍යධූරය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයට ලැබුණහොත් ඒ වෙනුවෙන් අරුණ දීපාල් මන්ත‍්‍රීවරයාගේ නම යෝජනා වී ඇති බව එම පක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ වැය ශීර්ෂය පරාජයවීම නිසා ඉකුත් දෙසැම්බර් 29 වැනිදා ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා එම අමාත්‍යංශ පවරා ගත්තේය.



අදහස් (0)

බස්නාහිර සබෙනුත් ෆොන්සේකාට ඉඩක්

පීරිස් Monday, 08 February 2016 05:18 AM

ෆීල්ඩ් මාර්ෂල් බලන් ඉන්නේ කොහොම හරි ඇවිත් සේරගෙන්ම පළිගන්නේ කොහොමද කියලා. එදාට තමයි මිනිහට නින්ද යන්නේ. (බ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 07 February 2016 01:47 PM

ෆීල්ඩ් මාර්ෂල් තුමා ඉතාමත්ම දැඩි විනයක් ඇති රටට කළ හැකි උපරිමාන්විත සේවයක් ඔහු කළේද මරු පෙනී පෙනීය. දැන් අප ඔහුගෙන් තවත් ප්‍රයෝජන ගත යුතුය. (බ)

:       0       0

ලලිත් පෙරේරා. Monday, 08 February 2016 05:14 AM

වඩාත් සුදුසු නිමල් පිරිස් තමා (බ)

:       0       0

නාලිකා Monday, 08 February 2016 05:38 AM

මහජනතාව ප්‍රත්ක්ෂේප කරන මිනිස්සු පාර්ලිමේන්තු යවන එකම රට තමා (ම)

:       0       0

දහම් Sunday, 07 February 2016 02:40 PM

අනේ පිටිගල ඔයාගේ දැනුම් මට්ටම ගැන නම් දුකයි.(කෞ)

:       0       0

සංජීව Monday, 08 February 2016 06:18 AM

සරත් ෆොන්සේකා ව ජනතාව පිළිගන්නේ නැතිව කොහොමද ඇමති කෙනෙක් වෙන්නේ.මතකනේ ධනුන එක්ක එකතු වෙලා කරපුව (බ)

:       0       0

ඉසුරු සම්පත් Monday, 08 February 2016 06:39 AM

ඔහු හොද පුරවැසියෙක් (ම)

:       0       0

අමා Sunday, 07 February 2016 04:55 PM

ඉතාම දැඩි විනයකින් 2010 දිත් කතාකළා මතකයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 07 February 2016 05:06 PM

දහම්, සමහරුන් ඉල්ලන් කාගෙන තම කාලය කලින්ම අවසන් කරගත්තාට ෆීල්ඩ් මාෂල්තුමාට එසේ අවලංගුවීමට නොදිය යුතුයි. මොකද ඔහු කම්බා හොරෙක් නොවන නිසා. (නි)

:       0       0

ජගත් Monday, 08 February 2016 07:35 AM

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නියම නායකයෙක්.එතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. දහම්,දැන් රජවරුන්ගේ කාලය අවසන්. (බ)

:       0       0

ජස්ටින් Sunday, 07 February 2016 05:23 PM

දහම්, ඔබගේ දැනුම ගැන මට දුකයි (නි)

:       0       0

දුමින්ද Monday, 08 February 2016 07:51 AM

ජන මතය යට කිරීම වැරදිය (හේ)

:       0       0

අතුල Sunday, 07 February 2016 06:09 PM

දහම්, එහෙම කියන්න එපා. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Sunday, 07 February 2016 06:33 PM

ඔන්න දැන් තමා අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ කලදසාව හොඳ අතට හැරීගෙන එන්නේ. එතුමාගේ අපල කාලය දැන් ගෙවිලා ඉවරයි. දැන්වත් එයාගේ හැකියාවන් වලට සරිලන තැනක් එයාටත්, එයාගේ පක්ෂයටත් දී රට සංවර්ධනයට හවුල් කරගන්න. (නි)

:       0       0

රවී Sunday, 07 February 2016 06:34 PM

පිටිගල කියන්නේ ඇත්ත. ෆොන්සේකා නියම නායකයෙක්. දහම් වගේ අය තවම කරන්නේ හොරුන්ට කඩේ යන එක. එවැනි අය නොදන්නවාට මොළේ තියෙන අපක්ෂපාති අය එතුමා කළ කැපකිරීම අගය කරනවා. දහම් වගේ මානසික වහල්ලු තවම ඉන්නවා. හිතා ඉන්නේ සිල්ල දත් කියලා. (නි)

:       0       0

ප්‍රදීප් Sunday, 07 February 2016 06:43 PM

පිටිගල කියන්නෙත් තිලක් කියන්නෙත් එකම විදියේ මන්දබුද්ධික පුද්ගලයින් ලෙසයි මට පෙනෙන්නේ (නි)

:       0       0

සීමන් Sunday, 07 February 2016 07:38 PM

දහම්, දුකයිද හිතට? බලාගෙන ඉන්න (නි)

:       0       0

අතුල Sunday, 07 February 2016 10:12 PM

ජයවේවා ජෙනරල්තුමනි! (නි)

:       0       0

රමණි Sunday, 07 February 2016 10:42 PM

අනුන්ගේ ද්විත්ව පුරවැසිකම් ගැන කෑගහන සමහරුත් ඇමරිකාවේ ග්‍රීන් කාඩ් ඇතුව ලංකාවේ දේශපාලනය කරන බව පිටිගල මිලානෝ දන්නවාද? (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Sunday, 07 February 2016 11:04 PM

මහා පරිමාණ මුල්‍ය අපරාධ අංශය තාවකාලිකව අමාත්‍යාංශයක් කර එහි ඇමතිකම ෆොන්සේකා මහත්තයාට දුන්නා නම් දවසෙන් හොරු ටික අල්ලයි. (නි)

:       0       0

කමල් Monday, 08 February 2016 12:52 AM

දහම්ට පෙනෙන්නේ අඩුපාඩුමයි. (නි)

:       0       0

ගුණවර්ධන Monday, 08 February 2016 01:56 AM

සුදුස්සාට සුදුසු තැන! (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Monday, 08 February 2016 02:10 AM

දහම්, පිටිගලගේ දැනුම් මට්ටම ගැන දුක් වන ඔබ දන්නා දේ අපිටත් විස්තර කරලා කියන්නකෝ. තමන්ගේ දේශපාලන පාට කණ්ණානාඩි දාගෙන ඔහේ ලියන්න එපා. මේ රට දියුණු කරන්න බැරි ඔයාලා වගේ අය හින්දා තමයි. (නි)

:       0       0

කමල් විමලවීර Monday, 08 February 2016 03:26 AM

අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ගියවර මහා මැතිවරණයේ ගත්ත තීරණය වැරදි එකක්. එනිසා එතුමා පරජයවු බව ඇත්ත. එනමුත් එතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතු නායකයෙක් කියලයි මම හිතන්නේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site