IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බස්නාහිර පළාත් ක‍්‍රීඩිකාවෝ විස්සයි20 ශූරතාව දිනාගනිති

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් කාන්තා විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට  ඕෂදී රණසිංහ මෙහෙයවූ බස්නාහිර පිල සමත් විය. කොළඹ එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී අද (02) පැවැති අවසන් මහ තරගයේදී බස්නාහිර පළාත් ක‍්‍රීඩිකාවෝ කඩුලූ 7 කින් ශ්‍රීපාලි වීරක්කොඩි මෙහෙයවූ මධ්‍යම පළාත් පිල පරාජය කිරීමට සමත් වූහ.

බස්නාහිර පළාත් පිල ලකුණු 59 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 10.3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය. බස්නාහිර පිල වෙනුවෙන් නිපුනි හංසිකා පන්දු 37 කදී හතරේ පහර හයක් සමගින් ලකුණු 36 ක් රැස් කළාය.

බස්නාහිර පිලේ  ඕෂදී රණසිංහ (10/3) සහ ශෂිකලා සිරිවර්ධන (6/3) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ.

මධ්‍යම පළාත් පිල ඕවර 17.1 කදී සියලූ දෙනා දැවී 58

(ශකිලා නිලූෂි 15, ශ්‍රීපාලි වීරක්කොඩි 11, සඳමාලි දොළවත්ත 9/2,  ඕෂදී රණසිංහ 10/3, ශෂිකලා සිරිවර්ධන 6/3

බස්නාහිර පළාත් පිල  ඕවර 10.3 කදී කඩුලූ 3 ට 62

(නිපුනි හංසිකා 36, සුගන්දිකා කු-මාරි 10/3)

ඡයාරූප - ශාන්ත රත්නායක  

 

 



අදහස් (0)

බස්නාහිර පළාත් ක‍්‍රීඩිකාවෝ විස්සයි20 ශූරතාව දිනාගනිති

සමන් Friday, 03 May 2013 11:33 AM

අනාගත කාන්ත ක්‍රිකට් වලට හොද ආයෝජනයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site