තමා මොරටුවේ සිට කොටුව දක්වා ගමන් කරද්දී රියදුරු බලප්‍රතය ,ක්‍රෙඩිට් කාඩ් හා රුපියල් විසි දහසක් පිට්පොකට් ගමා ඇතැයි ජපන් ජාතිකයෙක් පොලිස් සංචාරක අංශයට පැමිණිලි කරයි.
ඔහු සර්වෝදයේ වැඩ කිරීමට පැමිණි අයෙකි.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බසේදි ජපනාගේ මුදල් පසුම්බියට විදුලා
බන්දුල පෙරේරා Sunday, 08 September 2013 08:35 PM
මේ හොරකම කල කෙනා අපේ පක්ෂයේ කෙනෙක් නොවේ නම් වහාම අත් අඩංගුවට ගෙන නීතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි.(නදී)
නිදුල චිත්මල් සිල්වා Sunday, 08 September 2013 02:46 PM
මේ හොරුන්ට හොද දඩුවම් දිය යුතුයි (දී)
සෑම් Sunday, 08 September 2013 03:00 PM
සාදරයෙන් පිලි ගන්නවා ලංකාවට "ඉන්දියන් සාගරයේ මුතු ඇටය " (දී)
රන්ජනී Sunday, 08 September 2013 03:03 PM
ගම කනවා විතරක් නෙවේ.....රටම කනවා......කියන්නේ මේවට තමා......,චික් විතරක්. (දී )
පිටිගල Sunday, 08 September 2013 03:06 PM
වැඩේ කැතයි. පොකට් කාරයා ගැන වැඩිය කතා කරන්න කැමති නැහැ. (දී)
නිමල් - කුවෙට් Sunday, 08 September 2013 03:34 PM
ඔය ඉතින් ගම කනවනේ ජපනටත් වැඩේ දෙන අය තමයි මෙහේ ඉන්නේ. අපිට උදව් කරන එකත් නතර කරයිද දන්නේ නැහැ.(නදී)
චන්දි Monday, 09 September 2013 12:46 AM
පිටරට ඉන්න ලංකාවේ අය සල්ලි ඇහිදලා දෙනවා. ලංකාවේ අය පිටරට අයගේ පොකට් එකට විදිනවා. ගම විතරක් නොවේ මොවුන් මුළු රටම කනවා (නි)
රනා. Sunday, 08 September 2013 04:33 PM
ජපන් ජාතිකයා හිතන්න ඇති මේ ථෙරවාදී බුදු දහම තිබෙන රටේ එහෙම වෙන එකක් නැහැ කියලා. අදිකාරම් මහතා සදහන් කලාක් මෙන් බෞද්ධ ආගම වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින එහෙත් බුදු දහමේ උගන්නවන එකම ප්‍රතිපත්තියක් වත් නො පිළිපදින බහුතරයක් වෙසෙන රටක් බව ඔහුට දැන් නම් තේරෙන්න ඇති.(නදී)
රාජ Monday, 09 September 2013 06:13 AM
කරුණාකර මේ අහිංසක මහත්මයාගේ මංකොල්ලකෑ දේවල් ටික සොයා දීමට කටයුතු කරන්න. ජපානය කියන්නේ හරිම ආරක්‍ෂිත රටක්. එහෙ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට කිසිම කරදරයක් නැහැ. එහෙම වෙනකොට අපිට ලොකු වගකීමක් හා යුතුකමක් තිබෙනවා මේ රටට එන ඒ වැදගත් මිනිස්සුන්ට කරදරයකින් හා බාධාවකින් තොරව මේ රටේ හැම තැනකම නිදහසේ ඇවිදින්න පහසුකම් සළසන්න. (නි)
බෙනට් Sunday, 08 September 2013 05:02 PM
දැන් මේකයි වෙන්නේ. ඔය ජපනා තමන්ගේ ෆේස්බුක් පේජ් එකේ මේ විස්තරේ දානවා. ඊට පස්සේ මිනිහගේ යාළුවො එක තමන්ගේ පේජ් වල ෂෙයාර් කරනවා. ඒක දකින අනිත් අය එයාලත් මේක ෂෙයාර් කරනවා. අන්තිමේට වෙන්නේ සියල්ලම මේක දැනගන්නවා.(නදී)
රූපවතී Sunday, 08 September 2013 05:47 PM
ආරක්ෂක අංශයේ වගකීමක්. මේ පුද්ගලයාගේනැති උණු සියල්ල මුදල් සමග සොයා ඔහුට ලබෙන්න සැලැස්වීම. මෙය රටේ වගකීමක්. හොරු වැඩිවෙනවා දඩුවන් නැති නිසා. රට අපකීර්තියට පත්වෙනවා. තීතිය හරියට ක්‍රියා නොකරන නිසා. වැරදි කරන්න මිනිසුන් බය නැහැ. අතක් දෙකක් කැපුවනම් අර සෞදියේ වගේ මේක හරියනවා. (නදී)
පිටිගල Monday, 09 September 2013 08:55 AM
රාජ ගේ අදහස ඉතාම නිවැරදියි. එහෙම කරන්න පුළුවන් උනොත් ලොකු සේවයක්. ජපන් ජාතිකයන්ට මාත් හුගක් ගරු කරනවා.වැදගත් මිනිස්සු. (දී)
දසුනි Sunday, 08 September 2013 06:57 PM
රූපවතිගේ අදහට මාත් එකගයි .මේ විදිහට කොහොමද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ? (නි)