
(බී.ජි. චතුරංග )
මිහින්තලය පන්සල සහ කටු සෑය වැඳ පුදා ගෙන මිහින්තලේ බස් නැවතුම්පලේ රැඳී සිටි කහටගස්දිගිලිය ප්‍රදේශයේ පාසලක 8 වැනි වසරේ සිසුවියන් දෙදෙනකු රවටා වෑන් රථයකින් රැගෙන ගොස්, එක් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර අනෙක් සිසුවිය අපහරණය කර අතවරයට ලක් කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සීප්පුකුලම කුකුලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙකු සහ සිවලාකුලම සමාධිගම ප්‍රදේශයේ පදිංචි 30 පුද්ගලයෙකි.
පාසල් යන බව නිවැසියන්ට පවසා එම සිසුවියන් දෙදෙනා කහටගස්දිගිලියට පැමිණ පොත් බෑගයේ සඟවා ගෙනා ආ පාට ඇදුම් ඇඳ මිහින්තලය වැඳ පුදා ගෙන කටු සෑයට ගොස් බාරයක් වී නිවසට යෑමට මිහින්තලේ බස් නැවතුම්පලට පැමිණි අවස්ථාවේදී එම සිද්ධියට මුහුණ පෑ බව එම දැරියන්ගේ ප්‍රකාශවල සටහන් වේ.
බස් නැවතුම්පලේ රැඳී සිටියදී වෑන් රථයකින් එම ස්ථානයට පැමිණි එක් පාසල් සිසුවියකගේ පෙම්වතා බව කියන පුද්ගලයා දැරියන් දෙදෙනා වෑන් රථයේ දමා ගෙන නිවසකට රැගෙන ගිය අවස්ථාවේදී එම නිවැසියන් දැරියන්ගේ වයස අසා, එම නිවසේ නවතා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය කියයි.
අනතුරුව සැකකාර පෙම්වතා එම දැරියන් දෙදෙනා මිහින්තලයේ හෝටල් කාමරයකට රැගෙන ගොස් එකම කාමරයේ දින දෙකක් රඳවා ගෙන සිට ඇති බවත් දෙවැනි දිනයේ සැකකාර පෙම්වතාගේ යහළුවෙකු එම කාමරයට පැමිණ ඇති බවද පොලීසියට කළ පැමිණිල්ලේ සදහන්ය.
2025 දෙසැම්බර් මස 18
625
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාල වයස්කාර දැරියන් රවටා අපයෝජනය කරලා
Dharmatileke Wednesday, 21 August 2024 01:02 PM
හෝටල් කරුවාට දඬුවම් කරන්න.
පැරකුම්Wednesday, 21 August 2024 01:54 PM
හෝටල්කරුට නොව මේ කෙල්ලො දෙන්නාට දැඩි දඬුවම් දිය යුතුයි...
පැරකුම් Wednesday, 21 August 2024 01:40 PM
දෙමව්පියන් මේ දෙදෙනා ආපසු බාරගත යුතු නොවේ..
ආසිරි Wednesday, 21 August 2024 02:19 PM
මේ අයගේ බොරු වෙන්න ඇති. පෙම්වතා එක්ක වෑන් එකේම මිහින්තලේ එන්න ඇති.
BBC Wednesday, 21 August 2024 03:04 PM
"වැඳ පුදාගෙන" කියන කෑල්ල කියවන කොටම හිනාගියා. අනේ කෙල්ලේ! ඔව්ව කියහල්ලා පරණ ආච්චිලාට!