
(යොහාන් භාසුර)
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ අග්නිදිග ආසියාව හා ඉන්දියාව පිළිබඳ සහ ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ ප්‍රධාන අධ්‍යක්ෂ හරි මෙනන් මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද (12) හමුවිය.
සෞඛ්‍ය හා පෝෂණය, කෘෂිකර්මය, නාගරික සනීපාරක්ෂාව සහ කාන්තා ආර්ථික සවිබල ගැන්වීම වැනි ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් මෙනන් මහතා අගමැතිනිය වෙත පදනමේ වැඩකටයුතු පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන්නේය.
මෙම සාකච්ඡාවේදී , ශ්‍රී ලංකාව තුළ, "ඩිජිටල් කෘෂිකර්මය" සහ "ඩිජිටල් පොදු යටිතල පහසුකම්" ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමුවිය. ඩිජිටල් කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා අරමුදල් සහ පොදු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා තාක්ෂණික සහාය ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය, ඩිජිටල්කරණය සහ මන්දපෝෂණයට පිළියම් යෙදීම සඳහා රජයේ කැපවීම පිළිබඳ අවධාරණය කළාය.
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න , විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා හා උතුරු අමෙරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂ තනුජ මීගහවත්ත යන මහත්වරැ මෙම හමුවට සහභාගී වූහ.

2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිල් - මෙලින්ඩා ගේට්ස් පදනම අග්‍රාමාත්‍ය හරිනි හමුවෙති
saman Thursday, 12 December 2024 12:37 PM
ලංකාවේ දේශපාලනයේ පිරිසිදුයි කියලා ඔවුන්ටත් දැනිලා... ඒකයි කවදාවත් නැතිව මේ ගොල්ලන් ලංකාවට ඇවිත් තියෙන්නේ.