IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බාල බෙහෙත් වංචාවට වෛද්‍ය ජයනාත් බුත්පිටියට වරෙන්තු

(මනෝප්‍රිය ගුණසේකර)

බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටියදී විදේශ ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නියම කරමින් මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඉංග්‍රීසි භාෂාවෙන් අද  (29) වරෙන්තු නිකුත් කළාය.

මෙම සිද්ධියට අදාළව ප්‍රකාශ ගැනීමට සොයමින් සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාට අද දින රහස් පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් දෙන ලෙස දැනුම් දෙමින් ‘වට්ස්අප්’ මාර්ගයෙන් දැනුම් දීමක් කළ බව කියමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මහත්මිය කළ ඉල්ලීමක් පිළගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

මෙම සිද්ධියට අදාල සැකකරුවන් ලබන 14 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදලාව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කිරීමටද රහස් පොලිසියට වැඩිදුරටත් නියම කළාය.

පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කොට සිටින බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු මහතා” වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන් මහත්මිය” ගණකධිිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත) සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත” වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත් නමැත්තන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී”

මෙම සිද්ධියට අදාල පැමිණිල් කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගී තත්වයකින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ වෛ්‍ය කපිල වික්‍රමනායක සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගිලන් රථ මඟින් අධිකරණයට ඉදිරිපත් කෙරිණී”



අදහස් (4)

බාල බෙහෙත් වංචාවට වෛද්‍ය ජයනාත් බුත්පිටියට වරෙන්තු

nanda Friday, 01 March 2024 11:58 AM

බෙහෙත් පාවිච්චි කරන්නේ අසරණ රෝගීන්... මේ වන්චා කරපු සැමට මරණ දඬුවම තමයි දෙන්න ඕනෙ දඬුවම...

:       0       4

සෙනෙවිරත්න Friday, 01 March 2024 12:06 PM

ඔය බොරු ලෙඩ අරගෙන ආපු ඇම්බියුලන්ස් එකේ මුදල් අයකර ගන්න. ඔය බරත් ජනතාව පිට දාන්න එපා.

:       0       9

P.D Goonawardene Friday, 01 March 2024 01:07 PM

නිවන්සුව...

:       0       7

නිහාල් Friday, 01 March 2024 03:41 PM

සෞඛ්‍ය ඇමැති වුණා කියලා මාවම කන්න බලාගෙන ඉන්නේ නැතුව වෙන කවුරු හරි අත්අඩංගුවට ගන්නකෝ අයිසේ.. හරි සර්...!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site