බෙල්ලන්විල රාජ මහා විහාරයේ වාර්ෂික ඇසල මහා පිංකම ඉරිදා (01) නිමාවට පත්විය.
සෙනසුරාදා (31) පැවති අවසාන රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව නැඳුන්ගමුවේ හස්තිරාජයා විසින් වැඩම විය.
බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හා විහාරාධිකාරී බෙල්ලන්විල විමලරත්න අනු නා හිමිගේ ප්‍රධානත්වයෙන් මෙවර පෙරහර පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙල්ලන්විල පෙරහර වීදී සරයි
සෙනෙවි Tuesday, 03 September 2013 10:43 AM
සාමා, පියල්ගේ අදහස හොඳට පැහැදිලියි . ඔයා කියන්න හදන්නේ මොකක්ද කියලා කාටවත් තේරෙන්නේ නෑ. මෙවැනි උත්සව රටේ ජීවනාලිය බඳුයි. ඇස් ඇර බලන්න. (ස)
නීල් රානා Sunday, 01 September 2013 11:53 AM
මෙහි සිරස්තල පින්තූරය දකිනවිට මට සිහිපත්වෙන්නේ, අපේ ගමේ පංසලත් එක් කලෙක පෙරහැරක් සංවිධානය කර ඊට රු 5000 ක් දෙන ඕනෑම අයෙකුට නිළමේ ඇඳුම ඇඳ පැද්දි පැද්දී මුතුකුඩ යටින් පෙරහැරේ යන්න අවස්ථාව ලබාදුන් විට එය අනගි අවස්ථාවක් කොටගෙන ප්‍රයෝජනයට ගෙන කාගේත් උපහාසයට පාත්‍රවූ 'පන්දාහේ නිළමේ' වරුන්වයි.(නදී)
සෙනෙවි Monday, 02 September 2013 03:07 AM
මහ පොළොවට , වා තලයට ගහ කොළට පවා මිශ්‍ර වූ ලක් පොළවේ උපන් අපේම සංස්කෘතිකාංග දැකීම තුලින් හදවතේ පොපියන ජීවය වචනයෙන් කෙසේ නම් පවසම්ද? තෙරුවන් සරණයි.තවත් මෙවැනි පෙරහැර ලංකාව පුරාම සිදු කෙරේවායි පතමි. (නි)
පියල් Monday, 02 September 2013 07:17 AM
සුනිල් වගේ නොදියුණු සිත් ඇති අය පෙරහැර බලා හිස් අතින් ගෙදර ගියත් , බුද්ධිමත් සත්පුරුස මිනිස්සු එහෙම නැත ! පෙරහරකින් ලබා ගන්න පුළුවන් දැය බොහොමයි ! එය මුළු ජීවිතයටම වටිනවා . අතට ගන්න දෙයට වඩා හිතට ගන්න දෙයින් යහපත බොහොම වැඩියි ! ලෝකයේ වැඩිහරියක් දේවල් අතට ගන්න බැරිබව තේරුම් ගන්න ! නැත්නම් පෙරහැර බලන්න යන්නේ නැතිව දන්සැලකට යන්න ! දන්සැලින් දෙන දෙය පෙරහරේ දෙන්නේ නැතිබව තේරුම් ගෙන අදහස් දැක්වීමේදී ප්‍රවේශම් වන්න ! මොකක් හරි දාන්න හිතන්න එපා ! නිවෙරදි දෙයක්ම දමන්න හිතන්න ! නැත්නම් නොදමා සිටීම හොදයි ! වැරදි අදහස් පතුරනවට වඩා ! (අ)
සාමා Monday, 02 September 2013 10:57 AM
සුනිල් කියන දේ පියල්ට තේරෙන්නේ නැති නිසා පියලුත් මොකුත් නොදමා හිටියනම් තමය් හොඳ.අපේ රටේ සුළුතරයක් විසින් බහුතරය ගොනාට ඇන්දවීම නිම වන තුරු මහජනතාවට ගැලවීමක් නොමැත. (දී)
ජගත් වෙත්තසිංහ මෙල්බර්න් Sunday, 01 September 2013 05:39 PM
බෙල්ලන්විලට සුදු සඳ රැස් ගලාලා-සැනහෙන අයුරු මහ පෙරහැර බලාලා (දී)
ගුනසිරිබුල්ටෝ Monday, 02 September 2013 11:29 AM
සුනිල් වෙත නුබ වගේ හිස් මිනිස්සුන්ට නම් ගන්න දෙයක් නැහැ තමයි (දී)
පියල් Tuesday, 03 September 2013 03:14 PM
අවංකව මම පළ කරපු අදහස තේරුම් ගත් සැමට මගේ ආචාරය පුදකරමි ! සුනිල් කෙරෙහි තරහින් අදහස් පල නොකළ බවද සිහිපත් කරමි ! (ස)
චමී Monday, 02 September 2013 12:33 PM
සුනිල්ට පියල්ට නෙමේ මට පේන්නෙ සාමට මොකුත් තේරිලා නෑ. (ස)
අතුල Sunday, 01 September 2013 09:03 PM
සාදු .....සාදු.......සාදු....! ඵෙතිහාසික , මහානුභාවසම්පන්න බෙල්ලන්විල බෝ සමිඳු බෙලෙන් , බෙල්ලන්විල ඇසළ මහා පෙරහැර දිගුකල් දිනේවා! (නි)
සුනිල් Sunday, 01 September 2013 09:30 PM
අපේ උදවිය හැමදාමත් කරන්නේ පෙරහැරවල් බලලා හිස් අතින් ගෙදර එන එක තමයි (නි)