IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බලපත්‍ර නැති නම් දඩයත් දෙලක්ෂයක්

මගී ප‍්‍රවාහන බලපත‍්‍ර නැති බස් රථ ධාවනය කරන්නන් හට දඩය රුපියල් 10,000 සිට රුපියල් දෙලක්ෂයක් දක්වා ඉහළ නැංවීමට යයි.

මහේස්ත‍්‍රාත් අධිකරණයකින් නියම කළ හැකි මෙම දඩ මුදල ඉහළ නැංවෙන අයුරින් 1991 අංක 37 දරණ ජාතික ගමනා ගමන කොමිෂන් සභා පනතේ 40 වැනි වගන්තිය සංශෝධනය කිරීම සඳහා ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් ඇමැතිවරු  අනුමත  කළහ.

අන්තර් පළාත් මාර්ගයන්හි ධාවනය සඳහා බස්රථ වෙනුවෙන් මගී ප‍්‍රවාහන අවසරපත් නිකුත්කිරීම මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරිය මගින් සිදුකරන අතර එවැනි බලපත‍්‍ර නොමැති බස්  විශාල ප‍්‍රමාණයක් අන්තර් පළාත් මාර්ගයන්හි ධාවනය වන බවට තොරතුරු ලැබී ඇති බව ඇමැති කියයි.



අදහස් (0)

බලපත්‍ර නැති නම් දඩයත් දෙලක්ෂයක්

බන්දුල Thursday, 25 February 2016 12:03 PM

හොද වැඩක්. (ර)

:       0       0

නිහාල් Thursday, 25 February 2016 01:20 PM

ලක්ෂ දෙක විතරක් මදි. වාහනෙත් රාජසන්තක කෙරන්න ඕනෑ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 26 February 2016 01:12 AM

ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මඟුල් කිවුවලු. (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 25 February 2016 01:50 PM

මේ වගේම මඟමරුවන් මෙල්ල කිරීමටත් දැඩි නීතිරීති සකස් කිරීමට බැරිද? (නි)

:       0       0

කමනි Friday, 26 February 2016 02:57 AM

නිමල් කියන්නාක් මෙන් පුද්ගලික බස් ඇතුළු අනෙකුත් රථ වාහන මිනිස් ජීවිත නැතිකොට පහසුවෙන්ම නීතියෙන් ගැළවී යනවා. නියම වන්නේ අගතියටපත් පාර්ශවයට ලක්ෂක් දෙකක් වැනි සුළු දඩයක් ගෙවීම සහ අත්හිටවූ සිර දඬුවමක් පමණයි. අඩුම ගණනේ රියැදුරු බලපත්‍රයවත් අවලංගු කරන්නේ නැහැ. පාලකයිනි, කරුණාකර රටට සිදුවන මේ අපරාධය නැවැත්වීමට නීති සකසන්න. (නි)

:       0       0

කලණි විතානගේ Friday, 26 February 2016 03:20 AM

මේ දඩය වැඩිපුර ගෙවන්න වෙන්නේ දේශපාලකයන්ට. (ර)

:       0       0

නුමා Friday, 26 February 2016 03:54 AM

අර නැති කරන 10000 බස් වල කනපැලෙන්න සිංදු දාගෙන යනවට අය කරන්න බැරි වෙයිද? දැන් කාලෙ අත දරුවන්ටත් මොබයිල් ෆෝන් තියෙන එකේ, සිංදු ඕන නැහැනේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site