අද පස්වරු 2.45 බලංගොඩ නගරය හෙල්ලුම් කෑ බව නිවැසියෝ කිහිප දෙනෙක්ම පැවසූහ. එහෙත් අනතුරක් වූ බවට කිසිම වාර්ථාවක් නැත.
මෙම භූමි කම්පාව රිච්ටර් මාපකයේ දෙකකටත් අඩු ප්‍රබලත්වයක් පෙන්වන බව මහනුවර පල්ලෙකැලේ භූ කම්පන මධ්‍යස්ථානය කියයි.බලංගොඩ, ඉඹුල්පෙ, මහවලතැන්න , අලුත්නුවර, රත්මලවින්න පෙදෙස් මෙම භූ කම්පනයෙන් හෙල්ලුම් කෑ බව වැසියෝ කියති.
භූ විද්‍යා හා පතල් කාර්යංශය මෙම සුළු භූමි කම්පාව වාර්තා කරයි.
කිසිම දේපලකට හෝ වැසියනට අනතුරක් නොවූ බව ආපදා කළමණාකරන නිලධරයෝ කියති
කල්තොට පන්සලක හිමිනමක් පැවසූයේ සංඝාවාසය මද වේලාවක් හෙල්ලුම් කෑ බවයි.
පස්වරු 3.10 ට පමණ තවත් හෙල්ලුම්කෑමක් සිදු වූ බව වැසියෝ කියති
2025 දෙසැම්බර් මස 18
644
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලංගොඩ හෙල්ලෙයි
සුමිත්‍රා බස්නායක Monday, 07 March 2016 04:10 AM
බලන්ගොඩ කියපුවම මමත් හොදටම කලබල උනා. අනේ ලොකු විනාසයක් නම් කවමදාකවත් අපේ ලංකාවට වෙන්න එපා. (ර)
සෞදි සරත් Sunday, 06 March 2016 11:56 AM
අපේ රටට කරදරයක් නොවේවා! (නි)
නන්දලාල් ද සිල්වා Sunday, 06 March 2016 12:04 PM
සුළු භූමිකම්පාව, මහා එකක පෙරනිමිත්තක් වෙන්නත් පුළුවන් (නි)
නන්දලාල් ද සිල්වා Sunday, 06 March 2016 12:08 PM
මෙම සුළු භූමිකම්පාව පසුගියදා ඉන්දුනීසියාවේ සිදුවූ ප්‍රභල භූමිකම්පාවේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. වසර කිහිපයකට පෙර අපේ රට විනාශ කළ සුනාමිය පටන්ගත්තෙත් ඉන්දුනීසියාවෙන් බව අපට අමතක නැහැනේ (නි)
කුෂාන් Sunday, 06 March 2016 12:42 PM
රටම සෙළවෙන දවස වැඩි ඈතක නෙමෙයි (නි)