IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බලංගොඩ ඝාතනයට සම්බන්ධ ලොරිය මාවවෙලින් හමුවෙයි

(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)


බලන්ගොඩ   ප්‍රදේශයේ දි  යතුරු  පැදියක්  අනතුරට  ලක්  කර  හත්  හැවිරිදි දැරියකට  තුවාල  සිදුකර  පලා  ගොස්  නැවත  32 හැවිරිදි  පියා  විදුලි  කණුවක  හප්පා මරණයට පත් කිරිම සිදුකල  බව  කියන  ලොරි  රථය  බලන්ගොඩ  මාවවෙල  ප්‍රදේශයේ  සගවා  තිබියදිි අද (03) දා  සොයාගත් බව බලන්ගොඩ  පොලිසිය පවසයි.

බලන්ගොඩ  පොලිස් බල ප්‍රදේශයේ මාවෙල ප්‍රදේශයේ  පදිංචි  එම  සිද්ධියට සමිබන්ධ රියදුරු   අත්අඩංගුවට ගැනිමෙන් පසු  ඔහුගෙන් ලබා  ගත්  තොරතුරු මත මෙම  ලොරි  රථය  සොයා  ⁣⁣ගෙන  ඇත. යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇත.

ඉකුත් (01) දා සවස  බලන්ගොඩ  නගරයේදි  මෙම  ලොරි රථ රියදුරු  විසින්   යතුරු පැදියක  ලොරි  රථය  හප්පා  හත්  හැවිරිදි  දැරියකට  තුවාල  සිදු කර  පලා ගොස්  තිබුණි .

පසුව  එම  දැරියගේ  පියා  සිය  යතුරු  පැදියෙන්  ලුහුබැඳ ගොස්   ලොරි  රථයේ  රියදුරු  අසුන   පැත්තේ  ඇති  දොරට නැග  රියදුරු  බස්සවා  ගැනිමට  උත්සාහ  කර  තිබුණ  අතර එහිදී  ලොරි රියදුරු  විසින්  ලොරි  රථය විදුලි  කණුවක  හප්පා   පල්ලෙබැද්ද ,අමිබැවිල ප්‍රදේශයේ පදිංචි  තිලිණ රංගලාල්  නැමති  අයෙකු   මරණයට පත් කර  පලාගොස්  තිබු බවට සිදුකල  මුලික විමර්ශනවලදි අණාවරය වු  බව  පොලිසිය පැවැසීය.

 



අදහස් (3)

බලංගොඩ ඝාතනයට සම්බන්ධ ලොරිය මාවවෙලින් හමුවෙයි

Lalla Saturday, 03 August 2024 10:33 PM

දරුවා රෝහලට ගෙන යන එක පැත්තක තියල පලිගන්න ගිය මෝඩ පියෙක්... ජීවිතයෙන් වන්දි ගෙව්වා...

:       2       4

Bamunuarachchi Monday, 05 August 2024 09:40 PM

ඔහේ වගේ නිවටයෙක් නොවෙයි ඒ තාත්තා.

:       0       0

Rata Perata Sunday, 04 August 2024 12:56 PM

අනිවාර්යයෙන්ම මරණ දඬුවම දිය යුතුයි

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site