IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බොරු සාක්කි දි කොමිසමට අපහාස කළාට ජනරාල්ගෙන් නිදහසට කරුණු අසයි

බරපතළ දුෂණ හා අක‍්‍රමිකතා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දිවුරුම් පිට බොරු සාක්කි දීමෙන් කොමිසමට කළ අපහාසය සම්බනධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීම සඳහා හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස රක්නා ලංකා ආරක්ෂක සේවයේ ගොඩබිම් අංශයේ සාමාන්‍යාධිකාරි විශ‍්‍රාමික මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දර මහතාට ඊයේ (4) නියම කළේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇති අසීමිත ගෞරවය හා ආදරය නිසා පෙර දින මෙම කොමිසම හමුවේ බොරු සාක්කි දුන් බවත් කොමිසම හමුවේ එලෙස බොරු සාක්කි දුන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂා කර ගැනීමට යැයි පවසමින් කොමිසම හමුවේ දිවුරුම් පිට බොරු සාක්කි දුන් බව පිළිගත් විශ‍්‍රාමික මේජර් ජනරාල් ජයසුන්දර මහතාට එලෙස නියම කළේය.
විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ලෙස කොමිසම හමුවේ සාක්කි දෙමින් කොමිසමට බොරු කීම ඉතා තදබල වරදක් බවත් සාමාන්‍ය සෙබළකු හෝ පහත් නූගත් අයෙකු බොරු සාක්කි දුන්නා නම් එය නොසලකා හැරීමට හැකියාව තිබුණත් ඉහළ නිලධාරියකු ඇත්ත කියන බවට දිවුරුම් දී බොරු කීම සුළුකොට සැළකිය නොහැකි යැයි අවධාරණය කළ විනිසුරු මඩුල්ල අවශ්‍ය නම් නීතිඥවරයකුගේ සහාය ලබා ගෙන නීතිඥවරයෙකු සමග හෝ පැමිණ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මේජර් ජනරාල් ජයසුන්දර මහතාට දැනුම් දුන්නේය.
කොමිසමේ විනිසුරුවරුන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් වන පී‍්‍රති පද්මන් සූරසේන (සභාපති), අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි, ගිහාන් කුලතුංග සහ විශ‍්‍රාමික විගණකාධිපති පී.ඒ. පද්මතිලක යන මහත්වරු කටයුතු කරති.
කොමිසමේ සාක්කි විභාගය අවසානයේදී විශ‍්‍රාමික මේජර් ජනරාල් ගාමිණී බණ්ඩාර විජේසුන්දර ජයසුන්දර මහතා කොමිසම හමුවට කැඳවන ලදී.
ඒ අවස්ථාවේ ඔහු ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා උසස් නිලධාරියකු ලෙස මෙම කොමිසම හමුවට පැමිණ සත්‍ය පවසන බවට දිවුරුම් දී අසත්‍ය පවසා කොමිසම විහිළුවට ගත්තාදැයි ප‍්‍රශ්න කළේය.
මෙම කොමිෂන් සභාව ගැන මෙන්ම අධිකරණ පද්ධතියම විහිළුවකට ගැනීමකට හිතාගෙන ඉන්නවාදැයි ප‍්‍රශ්න කළ සභාපති විනිසුරු සූරසේන මහතා ඊළඟ දින කොමිසම හමුවේ පෙනී සිට තමා අසන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්නැයි ඔහුට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
විනිසුරු ගිහාන් කුලතුංග මහතා විශ‍්‍රාමික මේජර් ජනරාල් ජයසුන්දර මහතා අමතමින් තමා මේජර් ජනරාල් කෙනෙකු නේදැයි විමසීය.
සාමාන්‍ය සෙබළකු හෝ පහත් නූගත් අයකු බොරු සාක්කි දුන්නා නම් මේ ආකාරයට හිතන්නේ නැතැයි ද නමුත් උසස් නිලධාරියකු වන විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයකු ලෙස තමා ගැන ඊට වඩා බරපතළ ලෙස සිතිය යුතු යැයි ද කීය.
කොමිසම හමුවේ දිවුරුම් පිට බොරු සාක්කි දී කොමිසමට අපහාස කිරීම සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට හේතු ඇත්නම් එම හේතු මෙම නඩුව යළි කැඳවන ලබන 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මේජර් ජනරාල් ජයසුන්දර මහතාට කොමිසම දැනුම් දුන්නේය.



අදහස් (0)

බොරු සාක්කි දි කොමිසමට අපහාස කළාට ජනරාල්ගෙන් නිදහසට කරුණු අසයි

කුලරත්න Sunday, 06 September 2015 04:34 AM

ඇත්ත. මේක බරපතළ වරදක් (නි)

:       0       0

නන්දලාල් -ප්‍රංශය Sunday, 06 September 2015 07:41 AM

පවුල් බලය සහ ඔවුන්ගේ වංචා කටයුතු වසන් කිරීමට තව කී දෙනෙක් මේ වගේ බොරු සාක්ෂි වලින් රටත්, ජනතාවත්, කොමිෂන් සභාත් රවටා තිබේද කියා සොයා බැලීමට තවත් කොමිෂන් සභාවක් පත් කරන්න වේවිද ? පුදුම ආදරවන්තයෝ, මේ ගොල්ලෝ !!!!! (ම)

:       0       0

ජයසේන Sunday, 06 September 2015 07:50 AM

තමන්ගේ හිතවතෙකුගේ නම හොරෙක් වෙනුවෙන් බොරු සාක්කි දීම වරදක් නොවෙයිද? (ම)

:       0       0

ඉඳුනිල් Saturday, 05 September 2015 06:11 AM

බොරු සාක්කි දීම බරපතළ වරදක් (නි)

:       0       0

චන්දන Sunday, 06 September 2015 08:40 AM

කෝ මහින්දගේ දේශප්‍රේමීන්ගේ සද්ද ? බොරු සාක්ෂි දීමත් දේශ ප්‍රේමයේ අංගයක්ද ? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site