බරපතල දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ බොරු සාක්කි ලබා දීම හා කොමිසම අපකීර්තියට පත් කිරීමට එරෙහිව නීති මගින් කටයුතු නොකර සිටීමට සාධාරණ හේතු ඇතොත් ලබන 17 වැනි දා කරුණු දක්වන්නැයි එම කොමිසම අද (04) ආරක්ෂක අමාත්‍යංශයේ ද සහායෙන් පිහිටවූ රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරීවරයකු වන විශ්‍රාමික මේජර් ජනරාල් ගාමිණී ජයසුන්දරට නියෝග කළේය.
කොළඹ බණ්ඩාරනායක පරිශ්‍රයේ පැවැත්වෙන නඩු විභාගයේ දී තමා බොරු සාක්කි ලබා දුන් බව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ජයසුන්දර පිළි ගත්තේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට තමාගේ අසීමිත ආදරයක් හා ගෞරවයක් ඇති බවත්, ඔහු අමාරුවේ වැටෙන බව සිතා තමා බොරු සාක්කි දුන් බවත් ඔහු කීවේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කැරුණු මේ කොමිසමේ සාමාජිකයෝ පස් දෙනෙක් වෙති.
මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීදි පද්මන් සූරසේන (සභාපති), විකුම් කළුආරච්චි, අමේන්ද්‍ර සෙනෙවිරත්න, ගිහාන් කුලතුංග සහ විශ්‍රාමික විගණකාධිපති පී ඒ පද්මතිලක ඔවුහුය.
2025 දෙසැම්බර් මස 18
305
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බොරු සාක්කි දුන්නේ ගෝඨා බේරන්නයි‘
ඩයස් Sunday, 06 September 2015 02:38 AM
මේ වැඩේට නම් දඬුවම් දියයුතුමයි. (නි)
සත්‍යයා Sunday, 06 September 2015 02:40 AM
ගෝඨා බේරගන්න මුහුදේ වුණත් පනින්න සූදානම්වෙලා හිටපු මිනිස්සු කේපී ව ළංකර ගන්නකොට ඒක නීතිවිරෝධී මෙන්ම සදාචාරවිරෝධී කියලා කියන්න මේ එක් කෙනෙකුටවත් හැකියාවක් තිබුනේ නැහැ. දැන් ඉතින් සත්‍යයට මුහුණ දෙනකොට සියලුම සායම් සේදිලා ඉවරයි. (නි)
අනිල් Saturday, 05 September 2015 05:09 AM
මේ වගේ අයත් හමුදාවේ ඉන්නවනේ (නදී)
මොහොමඩ් Saturday, 05 September 2015 05:16 AM
මේ මහත්තයට කවුරුහරි බලපෑමක්වත් කරලද? (නි)
ජෝන් Saturday, 05 September 2015 06:03 AM
මුළු හමුදාවටම ලැජ්ජයි (නි)
සක්විති Saturday, 05 September 2015 06:12 AM
මේකත් බොරුවක් නෙමෙයි නේද? (නි)
නාමල් නිව්යෝක් Saturday, 05 September 2015 06:36 AM
තමන්ගෙ පුතා බේරගන්න වැදූ අම්මා බොරු සාක්කි දුන්නත් උසාවියෙන් හිරේදානවා.වහාම මෙයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. එතකොට ඉදිරියටත් මේ වගේ අය බේරගන්න බොරුසාක්කි දෙන එකක් නැහැ. (නි)
කුමාර Saturday, 05 September 2015 08:22 AM
ඔය විදිහටම දුප්පත් මිනිස්සු ගැනත් හිතෙනවා නම්.... (නි)
සුසිල් Sunday, 06 September 2015 10:40 AM
ලාල්,වැදගත් මිනිසුන් බොරු කියන්නේ නැහැ. ලාල්,සහ බමුණු ආරච්චි වගේ බත් කන මී හරකුන් ඉන්න රටක වසන අපට අබ සරණයි! (බ)
බමුණු ආරච්චි Saturday, 05 September 2015 09:20 AM
ගෝඨාභය මහතා බේරාගන්න කළා නම් මොනවා කිවුවත් කමක් නැහැ මට නම් (නි)
ගාමිණී Saturday, 05 September 2015 10:05 AM
තමා ආදරය කරනවා කියා, කළ වැරදි වසන්නට බොරු සාක්කි දීම නීතියට කරන සරදමක්.මොහුට නීතියෙන් ඉහළම දඬුවම් දියයුතුය (නි)
චන්න බුවනක Friday, 04 September 2015 04:58 PM
බොරු සාක්කි දුන්නොත් අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න ඕනෑ නේද? (නි)
විජේතුංග Friday, 04 September 2015 06:38 PM
ඇත්ත කියන එකයි වටින්නේ මහත්තයෝ (නි)
ලාල් Saturday, 05 September 2015 12:46 PM
ගාමිණී ජයසුන්දර කියන්නේ හොඳ වැදගත් කෙනෙක් (නි)
කුමාර Saturday, 05 September 2015 01:12 PM
අපි කළා නම් මෙලහකට කූඩුවේ (නි)
මොහාන් Saturday, 05 September 2015 03:25 PM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (නි)
ජයසේන Sunday, 06 September 2015 02:28 PM
වැදගත්කම බොරු කීමෙන්ම පැහැදිලි වෙනවා. (නි)
චන්න බුවනක Sunday, 06 September 2015 02:35 PM
අනේ! හරි වැදගත් අය... (නි)