IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බොරු සාක්කි දෙන්න අල්ලස් ගත් එස් අයි ට වැඩ වරදී

( දිනේෂ් උපේන්ද්‍ර)                                                                                 

ගිරිඋල්ල පොලිස් වසම තුළ රථවාහන අනතුරක් වෙනුවෙන් කුලියාපිටිය දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි නඩුවක් සඳහා අසත්‍ය ලෙස පැමිණිල්ල වෙනුවෙන් සාක්‍ෂියක් ලබාදීමට රුපියල් දසදහසක අල්ලසක් ලබාගත් උප පොලිස් පරීක්‍ෂකවරයකු අල්ලස් හා දූෂණ මර්ධන කාර්යාංශය මගින් අද(20) අත්අඩංගුවට ගෙන ඇතැයි පන්නල පොලිසිය කියයි.

එලෙසින් අත්අඩංගුවට ගැනුණේ ගිරිඋල්ල පොලිසියේ සේවය කරමින් සිට මේ වනවිට මරදාන කොළඹ ප්‍රදේශයේ පොලිසියක සේවය කරන උපපොලිස් පරීක්‍ෂක වරයෙකි.

සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා ගිරිඋල්ල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී විමර්ශනය කළ රථවාහන අනතුරක් සම්බන්ධව කුලියාපිටිය දිසා අධිකරණයේ පවරා තිබෙන වන්දි නඩුවකට අදාළ සාක්‍ෂි  ලබාදීමේදී එක් පාර්ශවයකට වාසි සහගත ලෙසින් සාක්‍ෂි ලබාදීමට රුපියල් දසදහසක මුදලක් ලබාගැනීමේදී අධිකරණ කලාපයේ මාර්ගයක් අසලදී අදාළ වැටලීම සිදුකොට තිබිණ.

සැකකාර පොලිස් නිළධාරියා කුලියාපිටිය මහේස්ත්‍රාත් වරයා හමුවට පැමිණවීමට නියමිතව ඇති බවද පොලිසිය පැවසීය.

අල්ලස් හා දූෂණ මර්ධන කාර්යාංශයෙන්  වැටලීම සිදුකර තිබිණ.

 



අදහස් (0)

බොරු සාක්කි දෙන්න අල්ලස් ගත් එස් අයි ට වැඩ වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site