
(යොහාන් භාසුර)
කල්ඉකුත්වීමේ දිනයක් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර අවලංගු කර නව රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ලබන වසරේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (20) පැවසීය.
එම රියදුරු බලපත්‍ර ගැනීම සඳහා සාධාරකණ කාලයක් දෙන බවත් නව රියදුරු බලපත්‍රය ගැනීමට පැරණි රියදුරු බලපත්‍රය සහ වෛද්‍ය සහතිකය පමණක් ප්‍රමාණවත් බවත් වීරසිංහ මහතා කීය.
කල්ඉකුත්වීමේ දිනය සඳහන් නොමැති බර වාහන රියදුරු බලපත්‍ර ලක්‍ෂ 11ක් පමණ සහ සාමන්‍ය රියදුරු බලපත්‍ර ලක්‍ෂ 12කට ආසන්න ප්‍රමාණයක් ඇති බව කී අනුරුද්ධ වීරසිංහ මහතා කල්ඉකුත්වන දිනයක් සඳහන්ව නොමැති රියදුරු බලපත්‍රයකට නව රියදුරු බලපත්‍රයක් ගැනීමට මාස හයක පමණ කාලයක් දීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
රියදුරු බලපත්‍ර කාඩ් මුද්‍රණය කිරීමට නොහැකිව තිබූ ලක්‍ෂ අටක පමණ ප්‍රමාණය මේ වන විට මුද්‍රණය කර අවසන් කරමින් සිටින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස තුනක පමණ කාලය තුළ සම්පූර්ණයෙන්ම අවසන් කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බර වාහන රියදුරු බලපත්‍ර ලක්‍ෂ 11ක් අවලංගු කරයි