IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බොරු පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජන කරලා

(ඉන්දිකා රාමනායක)

රුපියල් ලක්ෂ 30 ක මුදල් ආරවුලක් මුල්කරගෙන හැඳල ප්‍රදේශයේ නිවසට ඇතුලු වී  ව්‍යාජ පිස්තෝලයක් පෙන්වා   නිවැසියන්ට මරණීය තර්ජනය කළ ව්‍යාපාරිකයකු ව්‍යාජ අංක තහඩුවක්  සහිත ජිප් රථයක් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු ඊයේ (29) ඉහත නිවසට කඩා වැදී මෙම තර්ජනය සිදුකර ඇති බවත්, පුද්ගලයකු ගිනි අවියක් රැගෙන නිවසකට ඇතුළුව ඇති බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

භට පිරිස් ඉහත නිවස වෙත  යන අවස්ථාවේ සැකකරු එම නිවෙසින්  පලා ගොස් ඇති බවත් පසුව එම නිවෙස් තිබු සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂා කර සැකකරු හදුනාගෙන ඔහු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරු ඔහුට අයත්  වත්තල ප්‍රදේශයේ අවන්හලක රැදී සිටියදි අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි නවතා තිබු ව්‍යාජ අංක තහඩුව යෙදු සුඛෝපභෝගී ජිප් රථයද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු බාරයේ තිබු ව්‍යාජ පිස්තෝලය අන්තර් ජාලයෙන් රුපියල් 12,000 මුදලකට  ඇනවුම්කර ලබාගෙන ඇති බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.



අදහස් (0)

බොරු පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජන කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site