IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බෝර ගසන්නා ගලට යටවී මරුට

බෝර ගසා මහා කළු ගලක් කඩමින් සිටි සේවකයකු පොල්පිතිගම ගල්කැටියාගම දී ගල්වලට හිරවී මියගියේය.

ගලට නැගී බෝර ගසා කඹයක ආදාරයෙන් එම පෙදෙසින් ඉවත් වීමට ඔහු ගත් උත්සාහය අසාර්ථක වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.



අදහස් (0)

බෝර ගසන්නා ගලට යටවී මරුට

චාන් Monday, 30 September 2013 03:07 PM

පව් අසරණ කම්කරුවෙක්, නිවන් සුව පතමි, ගල්වල හිමි කරුගෙන් නිසි වන්දියක් ගෙවිය යුතුය, ( පිස්සෝ එවන පිස්සු,නොගැලපෙන අදහස් පල නොකිරීමට කතු තුමා වග බලා ගත යුතුය.)(නදී) 9

:       0       0

වන්නි තිලක් Monday, 30 September 2013 10:29 AM

මේ පැරණි අනතුරුදායක ක්‍රමය නීතියෙන් තහනම් කරන්න තියෙන්නේ. අද මීට වඩා බොහෝ ආරක්‍ෂිත තාක්ෂණික ක්‍රම තියෙනවා වෙඩිල්ල පත්තු කරන්න. කිසිම නවීන උපකරණයකට ලොකු අමතර වියදමක් නොකර වයර් එකක් බැටරියක් යොදාගෙන ආරක්‍ෂිත දුරක ඉඳගෙන බයක් නැතුව පුපුරවා හරින්න තියෙද්දී ඇයි මේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අනතුරට දමන්නේ. (නි)

:       0       0

දයා අලහකෝන් Monday, 30 September 2013 10:36 AM

පව්, ජීවත්වෙන්න, අඹු දරුවන් රකින්න කළු ගල් සමඟ පොරබැද ඔහු මියගියා. අපි ඔබට නිවන් සුප පතමු. (ස)

:       0       0

ජගත් Monday, 30 September 2013 04:05 PM

කල කල දේ පල පල දේ. (නදී)

:       0       0

ලුම්බිණි Monday, 30 September 2013 10:52 AM

ලංකාවේ බොහෝ වැඩපළ වල සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරනවා අඩුයි. මේ සම්බන්ධව අදාල ඇමති කට්ටිය මොනවා හරි කළ යුතුයි. මෙහෙම කරදර වලට පත් වෙන අයගේ පවුල් වල අයට ආධාර කිරීමේ වැඩපිළිවලක් වත් තිබිය යුතුයි. ඉතා කණගාටුදායකයි. (නි)

:       0       0

නන්ද Monday, 30 September 2013 10:59 AM

පව් ...අහිංසක මිනිස්සු..... (ස)

:       0       0

පිටිගල මිලානෝ Monday, 30 September 2013 11:25 AM

කම්කරු අමාත්‍යාංශයෙන් මම ඉල්ලා සිටිනවා මෙම සම්ප්‍රදායික 'ගල් බෝර' ක්‍රම තහනම් කර විවිධ රටවල් භාවිතා කරන ආරක්ෂාකාරී ක්‍රම රටට හඳුන්වා දෙන මෙන්. මේ ගැන හදාරන්න අවශ්‍ය නම්, හොඳ රට ඉතාලියයි. ඉතාලියේ 'මාබල් නිධි' කඩන ආකාරය අධ්‍යනය කිරීම කාලෝචිතයි. (ස)

:       0       0

සිරිපාල Monday, 30 September 2013 11:34 AM

අහිංසක දරුවන්ගේ ධෛර්යවන්ත තාත්තා කෙනෙක් වෙන්න ඇති. නිවන් සුව පතමි ඔබට. අති බහුශ්‍රැත වරුණ, මම කරුණාවෙන් ඉල්ලන්නේ මේ සංවේදී පුවතට ඔයාගේ අධි බුද්ධිමත් අදහසක් ප්‍රකාශ කරලා අගෞරව කරන්න එපා කියලා (නි)

:       0       0

සත්‍යයා Tuesday, 01 October 2013 04:16 AM

සංජීව, ඔබ මේ තීරයට අදහස් ලියන්නේ පුද්ගලයින් ලියන දෙය කියවා නොව ලියන පුද්ගලයාගේ නම හා නමට කලින් ඇති පට්ටම දිහා බලලා බව පේනවා. ඔබ උගත්කම නොලැබීම නිසා හීනමානයෙන් පෙළෙන්නෙකු ලෙසයි මෙහිදී හැසිරෙන්නේ. පිටිගල මිලානෝට පහර ගසන ඔබට "ෂේලාන්සුයුස්" ලියා ඇති දේ නොපෙනුනේ ඇයි? (නි)

:       0       0

සත්‍යයා Tuesday, 01 October 2013 04:22 AM

ජයසුරිය සංවේදී හදවතක් ඇති මනුෂ්‍යයෙක් බව පේනවා. ඔහු කියන විදියට අපි මෙසේ මියගිය ඒ අහිංසක පුද්ගලයා වෙනුවෙන් අරමුදලක් අරඹමු. එය ලංකාදීප පුවත්පත හරහා කරමු. බැංකු ගිණුම් අංකයක් මෙහි පල කරන්න කියමු. රු. 100ක් නොවෙයි රු.1000/- බැගින් ඒ අරමුදලට බැර කරමු. (නි)

:       0       0

චන්න පැරිසිය Monday, 30 September 2013 11:57 AM

අනේ පිටිගල දන්නා මාබල්. (ස)

:       0       0

රෝහණ Monday, 30 September 2013 12:09 PM

පිටිගල මහත්තයෝ, මාබල් වලට කඩන කළුගල් සහ මේ කඩන කළුගල් අතර වෙනසක් තියනවා. මාබල් වලට කඩන ගල් ගන්නේ ලොකු බ්ලොක් වේදියාට, මේවා ගෙවල් වලට වැඩට ගන්න ඕන නිසා පොඩි කැබැලි වලට ගන්නේ. (ස)

:       0       0

වන්නි තිලක් Monday, 30 September 2013 12:19 PM

පිටිගල මහත්මයා, ඔබතුමා හරි. මේ සාම්ප්‍රදායික ක්‍රමය නීතියෙන් තහනම් කළාට කමක් නැහැ. මීට වඩා සරල ආරක්‍ෂිත ක්‍රම තියෙනවා. තමන් සුරක්ෂිත දුරක හෝ බංකරයක හිඳිමින් දිග වයරයකින් බැටරියක විදුලියෙන් වෙඩිල්ල පුපුරවන්න පුළුවන්. මේවා හොයාගන්න අමාරු දේවල් නොවෙයි. (නි)

:       0       0

ජයසූරිය Monday, 30 September 2013 05:42 PM

අපිත් නැති බැරි මිනිස්සු තමයි. මේක හද කම්පා කරන පුවතක්. අදහස් පළකරන මිතුරනි, අපි කට්ටිය එකතුවෙලා රුපියල් 100/ ගානේ හරි එකතු කරලා පරිත්‍යාග කරමු නේද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 30 September 2013 12:33 PM

රෝහණ, මාබල් ඝන මීටරයක පමණ කුට්ටි ලෙස කපන ආකාරයටම ඊට අඩු ඝනත්වයෙන් යුත් කළුගල් ද වෙන්කර පසුව අවශ්‍ය ප්‍රමාණයට කැබලි කර ගත හැකියි. මෙහිදී වැදගත් වන්නේ නිධියෙන් අවශ්‍ය කොටස් ආරක්ෂාකාරීව වෙන්කර ගැනීමට අවශ්‍ය තාක්ෂණය යෙදවීමයි. (නි)

:       0       0

ඉන්දික Monday, 30 September 2013 12:35 PM

දැනටත් පුපුරවන්නේ නැතුව ගල් කඩන ක්‍රම ලංකාවේ තියෙනවා. මට මතක විදියට ඒකට ජෙල් එකක් දාලා තමයි පුපුරවන්නේ. අනතුරුදායක නැහැ. (නි)

:       0       0

ජයසූරිය Tuesday, 01 October 2013 07:49 AM

ලංකාදීප පුවත්පත හරහා මියගිය පුද්ගලයා වෙනුවෙන් අරමුදලක් ඇරඹීම සදහා බැංකු ගිණුම් අංකයක් පලකරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.සත්‍යා, ඔබට ස්තුතියි (නි)

:       0       0

මහවැලි Tuesday, 01 October 2013 07:56 AM

සත්‍යායා,ඔබගේ යෝජනාව අගය කරමි. අපිට බැරිද "ලංකාදීප එසැණ පුවත් අන්තර්ජාල පාඨක සමාජය" කියලා සංවිධානය වෙන්න. (නි)

:       0       0

ෂෙලාන්සුයුස් Monday, 30 September 2013 12:42 PM

ලංකාවේ අති දක්ෂ ගල් කපන්නෝ ඉන්නවා. ඒ අය මෙවැනි වැඩ සඳහා යොදා ගත යුතුයි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 01 October 2013 08:30 AM

මහවැලිගේ යෝජනාව නම් හොඳයි. (නි)

:       0       0

සංජීව Monday, 30 September 2013 01:04 PM

ටික කාලෙකට ඉස්සර ලංකාදීපේ අදහස් දාපු "ආචාර්ය" කෙනෙක් හිටියා . මිනිහත් "පිටිගල මිලානෝ " වගේ යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්නේ . ඕනේ දෙකට හොට දානවා .. දාලා කට කැඩිච්ච කතාවක් කියලා අනිත් මිනිස්සුන්ගෙන් ඇති වෙන්න බැනුම් අහනවා . ඒ උනත් ලජ්ජා නැතුව ආපහු අදහස් දානවා .. (ස)

:       0       0

චන්දි Monday, 30 September 2013 07:57 PM

කව්ද මේ ජගත් කියන්නේ ,,!! ඉස්කෝලයක් ලගින්වත් ගිහින් නැහැ වගේ , නැත්නම් මියගිය මනුස්සයාගේ ජන්ම හතුරෙක් වෙන්නැති .., දුප්පත් කමින් මිරිකී දුප්පත් කමින්ම මියගිය ඔබට නිවන් සුව අත්‍''වේවා''(නදී)

:       0       0

ජගත් Monday, 30 September 2013 02:34 PM

කල කල දේ පල පල දේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 594 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site