IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බ්‍රසල්ස් නුවර තවත් පිපිරීමක් : 34 ක් මරුට

බ්‍රසල්ස් නුවර ගුවන් තොටුපොළේ පිපිරීමෙන් පසු මාල්බික් මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල තවත් පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමයේ මුලස්ථානය  පිහිටා ඇත්තේ ඒ අසළය.

පිපිරිම සිදුවන අවස්ථාවේ බොහෝ පිරිසක් දුම්රිය ස්ථානය තුල රැදී සිටිය බවත්, පිපිරීමත් සමග දුම් වලාවකින් දුම්රිය ස්ථානය පිරි ගිය බවත් ඇසින් දුටුවාන් ප්‍රකාශ කරන්නේ යැයි මාධ්‍ය වාර්තා කරයි.

මෙම පිපිරීම්වලින් මේ වන විට 34 දෙනකු මිය ගොස් තිබේ.

බ්‍රසල්ස්හි උමං මාර්ග පද්ධතිය වසා දමා තිබේ.


 

බ්‍රසල්ස් ගුවන්තොටේ පිපිරීමක්

2016 මාර්තු මස 22 13:38:55 | . , නිලූක සඳුන් බණ්ඩාරනායක

 

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, පුද්ගලයන් කිහිප දෙනයකු මිය යන්නට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුවන් තොටුපොළේ පිටවීමේ දොරටුව අසල මෙම පිපිරීම් දෙස සිදුවී ඇත.

මේ වන විට ගුවන්තොටුපොළ සියලු ගුවන් නවතා එය වසා දමා තිබේ.

පිපිරීම් වලින් පසු ගුවන් තොටුපොළේ හදිසි සෝදිසි මෙහෙයුමක් ඇරැඹීය.

පිපිරීම් ශබ්ද ඇසීමට පෙර වෙඩි තැබීම් සහ  මිනිසුන් කෑ ගසන ශබ්දයක් ඇසී තිබෙන බව ද වාර්තා වන බව මාධ්‍ය වාර්තා කරයි.



අදහස් (0)

බ්‍රසල්ස් නුවර තවත් පිපිරීමක් : 34 ක් මරුට

මහී Tuesday, 22 March 2016 02:02 PM

මෙයාලා තමයි කොටි සහ අනෙක් ත්‍රස්තවාදීන් පෝෂණය කරන්නේ. කළකම් පළ දේ (නි)

:       0       0

රොමේෂ් සිල්වා Tuesday, 22 March 2016 02:53 PM

අපේ කට්ටිය මේ සැරේ බෙල්ජියමට පක්ෂව මුහුණුපොතත් වෙනස් කරගනීද දන්නේ නැහැ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ අන්දමන්ද කට්ටියක් දැන් අපේ රටෙත් ඉන්නවනේ. (නි)

:       0       0

ජගත්‍ Tuesday, 22 March 2016 03:07 PM

ත්‍රස්තවාදයේ හැටි ඔහොම තමයි. ඉල්ලන දේ නොලැබුනොත් මරනවා (නි)

:       0       0

අහමඩ් Tuesday, 22 March 2016 03:10 PM

ලංකාවේ මිනිස්සු කොපමණ දුකක් වින්ඳද? දැන්වත් මතක්කර ගත්තොත් හොඳයි නේද? (නි)

:       0       0

අමන්ත Tuesday, 22 March 2016 04:17 PM

මේ රටවල අර කියන විදුලි පුටුව එහෙම නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

ප්‍රීති Tuesday, 22 March 2016 04:29 PM

ඒ ත්‍රස්තවාදීන් අල්ලා ගත්තොත්, ඒ අයත් පව් කියලා සමාව දීලා නිදහස් කරයිද දන්නේ නැහැ නේද? එහෙම නැත්නම් එයාලට ලෝකෙට හොඳ මුහුණ පෙන්නගන්න බැරිවෙයි. (නි)

:       0       0

සෙනරත් Tuesday, 22 March 2016 04:47 PM

මොන කණ්ඩායමකට අයිතිවුණත් ත්‍රස්තවාදීන් කූඩුවලින් එළියට දැමීම සුදුසු නොවේ. (නි)

:       0       0

ජනහිත Tuesday, 22 March 2016 06:26 PM

වැඩේ මොකක් වුණත් ත්‍රස්තවාදයට මම විරුද්ධයි. (නි)

:       0       0

වරුණ Tuesday, 22 March 2016 08:12 PM

ලංකාව ඇතුළු වෙනත් රටවලට කරන අපරාධ දැන් ඔවුන්ටම කැරකී පැමිණ ඇත. හිත රිදුන කෙන්නෙක් ඇත්නම් සමාවෙන්න (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 22 March 2016 11:48 PM

මෙම ත්‍රස්තවාදය නැතිකිරීමට කවුරුත් සහාය දියයුතුයි. (නි)

:       0       0

පෙරේරා Tuesday, 22 March 2016 10:39 AM

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර ගුවන් තොටුපොළේ අද (22) පිපිරීම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට කරදරයක් දැනගන්නට නැත (බ)

:       0       0

නිල්හාන් Wednesday, 23 March 2016 01:16 AM

අපේ රටේත් මෙවන්ම වූ විනාශකාරී යුගයක් තිබූ බව දැන් බොහෝ දෙනෙකුට අමතකවෙලා (නි)

:       0       0

බිංදු Wednesday, 23 March 2016 01:46 AM

මහින්ද රාජපක්ෂගේ වටිනාකම තේරෙනවද? මීට ටික කලකට කලින් ලංකාවෙත් ඔහොම තමයි පිපිරුවේ. ලංකාවේ බෝම්බ පිපිරුණ වෙලාවට කිව්වේ සටන්කාමීන් සමඟ සාකච්ඡා කරන්න කියලනේ. දැන් ඉතින් යුරෝපා සංගමයට තියෙන්නේ සටන්කාමින් සමඟ සාකච්ඡා කරන්න. සටන්කාමීන්ගේ මානව හිමිකම් එහෙම නැති කරනවා නෙමෙයි ඔන්න (නි)

:       0       0

සඳරුවන් Wednesday, 23 March 2016 01:47 AM

අපේ රටේ මීටවැඩිය තිරිසන් ත්‍රස්තවාදයක් තිබුනා. උන් ගම්වලට පැනලා අහිංසක මිනිස්සු කපලා කොටලා මැරුවා. ගොඩක් අයට දැන් මතක නැහැ (නි)

:       0       0

ශෂික Tuesday, 22 March 2016 11:05 AM

ඉතා කනගාටුදායක පුවතක්.තුවාල ලැබුවන්ට ඉක්මන් සුව පතමි. හැබැයි අපේ රටේ යුධ සමයේ යුරෝපා සංගමයේ රටවල් කොටි ත්‍රස්තවාදීන්ට එළිපිටම උදව් කළා මතකයි. දැන් ඔවුන්ටත් එහි සැබෑ ස්වරූපය වැටහෙනවා ඇති සිතමි. (බ)

:       0       0

නන්ද Tuesday, 22 March 2016 11:15 AM

ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියෙක්මයි. (ර)

:       0       0

අජිත් Wednesday, 23 March 2016 02:12 AM

තව බනින්නකෝ මහින්දට. කළගුණ නොදත් අවාසනාවන්ත ජාතියක් (නි)

:       0       0

මහින්ද Wednesday, 23 March 2016 02:24 AM

ත්‍රස්තවාදය වැපිරූ අය එහි සුව විඳිනවා (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 23 March 2016 02:32 AM

මෙම සිදුවීම දේශපාලනීකරණය කරගෙන අදහස් පළකරන අය ගැන අනුකම්පා කළයුතුයි. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 22 March 2016 11:38 AM

මේ තමා ත්‍රස්තවාදයේ සැබෑ ස්වරූපය. (නි)

:       0       0

නෞෂි Wednesday, 23 March 2016 02:47 AM

ත්‍රස්තවාදය නැතිකරපු අපේ ආරක්ෂක හමුදා වීරයන්ට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

රණතුංග Wednesday, 23 March 2016 02:57 AM

අපේ රටේ යුද්ධය නිමාකිරීමට දායක වූ ෆොන්සේකා මහතාට අපේ උපහාරය! (නි)

:       0       0

ජනහිත Wednesday, 23 March 2016 03:03 AM

ත්‍රස්තවාදය ලොව කොහේ වුණත් ප්‍රතිඵලය එකමයි. එය තුරන් කළයුතුයි. කවුරු හොඳ දෙයක් කළත් එය අගය කරන්න. ඒ අයට බැනීමෙන් හෝ සිරගෙවල් වල තැබීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. මහින්ද නොහිටින්න අදටත් අපි ඔය දුක් විඳිනවා (නි)

:       0       0

සම්පත් Tuesday, 22 March 2016 12:15 PM

අයි එස් වැඩක් වෙන්න ඇති.(හේ)

:       0       0

සුදේශ් Wednesday, 23 March 2016 03:17 AM

අජිත්, ඔබ හරියට හරි. කටට මසුරන් දාන්න වටිනවා. ත්‍රස්තවාදයට ලෝකේ කොහේ වුනත් අපි විරුද්ධයි. ඒවුනත් බටහිරට දැන්වත් ඇස් ඇරෙනවා නම් හොදයි (බ)

:       0       0

සම්පත් Tuesday, 22 March 2016 12:15 PM

අයි එස් වැඩක් වෙන්න ඇති.(හේ)

:       0       0

ධනුෂ්ක Wednesday, 23 March 2016 03:30 AM

ත්‍රස්තවාදයට ජාතියක් ජන්මයන් නෑ සිංහල, දෙමළ, මුස්ලිම්, ඉංග්‍රීසි, කියලා වෙනසක් නෑ හැමෝම ත්‍රස්තවාදය නිසා විදින්නේ දුකම තමා... ත්‍රස්තවාදය ලෝකෙන්ම තුරන් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. (බ)

:       0       0

වානි Wednesday, 23 March 2016 03:30 AM

නෞෂි,රණතුංග අැයි ඔච්චර කුහක. ඔය කියන විදියට මහින්ද උන්නේ නැතත් ඕක සිම්පල් නේද ? අනේ මෙහෙම කුහකයෝ. (බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 March 2016 03:37 AM

යුද්දයට පින් සිද්ද වෙන්න ඩොලර් 200 වටිනා උන්ඩය ඩොලර් 550 දක්වා වැඩි වුණා.ඒ තුලින් අපේ රණවිරුවන්ගේ තුවක්කු බටයෙන් පිට වෙන උන්ඩයක් උන්ඩයක් පාසා සමහරුන්ගේ ලෝකයේ තිබෙන ගිණුම් වල කෝටි ප්‍රකෝටි මුදල වැඩි වුණා.(බ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 23 March 2016 03:45 AM

මහින්දගේ රජය තිබුනානම් මේ වෙනකොටත් දළදා මාලිගාව කුඩු පට්ටන් කරපු,අරන්තලාවේ භික්ෂුන් ඝාතනය කරපු,නැව් පිටින් ආයුද එවපු කරුණට, කේපීට,දයා මාස්ටර්ට ජෝර්ජ් මාස්ටර් ට,පිල්ලෙයාන්ට අපේ රණවිරුවන් තවමත් සැලියුට් ගහනවා.තවමත් සැප විදිනවා. (බ)

:       0       0

විපුල් Wednesday, 23 March 2016 04:01 AM

මට මතක් වෙනවා චන්ද්‍රික නෝනා හිටපු අවදියේ අපේ ගුවන් යානා දෙකඩ වෙලා ගිනිගත්තා මතකයි.(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site