බොරැල්ල නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් බ්‍රහස්පතින්දා (31) සිට ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.
පෙරවරු 7.30 ත් 8.45 ත් අතර කාලය තුළ එම නව මාර්ග සැලැස්ම ක්‍රියාත්මක කෙරෙන බවත් එම වේලාව තුළදී ශ්‍රී ජයවර්ධනපුර සිට බොරැල්ලට ධාවනය කෙරෙන බස් රථ හැර
අනෙකුත් වාහන ඩී.එස් හංදියෙන් බොරැල්ල දෙසට හැරවීමටත් අනෙක් සියලු වාහන සඳහා බොරැල්ලට පිවිසීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලිසිය දැනුම්දී ඇත.
මෝටර් රථවලට ආයුර්වේද හංදියෙන් හැරී කොටා පාරෙන් බොරැල්ලට පැමිණෙන ලෙසද දැනුම් දී ඇත.
මේ අතර ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ දිගටම ධාවනය කෙරෙන මෝටර් රථ සහ කිංසි පාරට ඇතුළුවන මෝටර් රථවලට වෝඩ් පෙදෙස හා මරදාන පාරෙන් බොරැල්ලට ඇතුළුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
556
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරැල්ලට නව රථවාහන සැලැස්මක්
මහින්ද සෞදි Wednesday, 30 December 2015 07:09 AM
වාහන තදබදය අඩුකරන්න ගිය අපේ ඇමතිතුමාගේ අයවැයට මොකද වුණේ? (නි)
නිශාන්ත Wednesday, 30 December 2015 04:56 AM
අපි බලමු සාර්ථක වෙයිද කියලා (නි)
චමින්ද Wednesday, 30 December 2015 05:35 AM
කරුණාකරලා සම්පුර්ණ සැළැස්ම ඉදිරිපත් කරන්න එකවරම. විටින්විට එක එක දේවල් කරලා, මුළු කොළඹ අවුල් කරලා, වැඩකරන මිනිසුන්ගේ කාලය නිකරුනේ නාස්ති කරන්න එපා. හැමෝම දන්නවා වාහන තදබදය නිර්මාණය වෙන්නේ පොලිසිය විසින්මයි කියලා. (නි)
මනෝජ් Wednesday, 30 December 2015 06:47 AM
චමින්ද එහෙම කිවුවට පොලිසිය නැත්නම් වෙන කවුද මේවා කරන්නේ? (නි)
උපාලි Wednesday, 30 December 2015 06:52 AM
කොටුවේ තිබෙන වාහන සැළැස්ම නම් අන්තිමයි. කාර්යාල ඇරෙන වෙලාවට කොළඹින් පිටතට යන්න හරිම අමාරුයි. ඔක්කොම වාහන කොටුවේ පාලම ළඟට ඇවිල්ලා හිරවෙනවා, මෙම ක්‍රමය නිසා. පොලිස්පතිතුමාගේ අවධානය මේ වෙත යොමුවේවා! "වන්වේ" ක්‍රමය වෙනස් කළොත් හොඳයි යන්න මගේ අදහසයි (නි)