ගිනි තබා තම බිරිය මැරු සැමියෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය මරණ දඬුවම නියම කළාය.
2004 ජුලී 07 වැනිදා ගොතටුවේ තරංගී සිල්වා නම් බිරිය මැරී යැයි ගොතටුව නව නගරයේ අනුර ලක්ෂ්මන් සිල්වාට එරෙහිව නීතීපති විසින් එම නඩුව පැවැරිණි.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිරිය මැරූ සැමියා පෝරකයට
පයිරූස් Thursday, 05 December 2013 08:01 PM
මරණ දඩුවම හොදයි එත් ඔහු නිදහස් වෙනවා .(නදී)
සමීර - වෙරෝනා Friday, 06 December 2013 03:12 PM
අනේ හොඳටම හොඳයි .. (ස)
ආරියසේන Thursday, 05 December 2013 08:39 PM
පොරේකයට නියම වුනත් ජිවිතාන්තය දක්වා රජයේ වියදමින් කන්න බොන්න දෙන්න වෙනවා. ඒකත් ජනතාවට බරක්.මේ වගේ මිනිසුන් මේ මිහිකතෙන්ම තුරන් කරා නම් වඩා හොඳයි..(නදී)
නිර්මාල් Friday, 06 December 2013 08:31 AM
කැමති නම් බැඳගත්ත වගේ, එපා නම් වෙනත් රටවල වගේ පහසුවෙන් නීතියෙන් වෙන් වෙන්නත් පුළුවන්කම අපේ රටෙත් තිබුනා නම් අද බිරිඳ මැරෙන්නෙත් නැහැ. මේ මෝඩ මනුස්සයට පෝරකේට යන්න වෙන්නෙත් නැහැ. අපේ බදු සල්ලි වලින් කන්න සිද්ධ වෙන්නෙත් නැහැ. (ස)
ෂෙරිෆ් Thursday, 05 December 2013 09:30 PM
සෑම වසරකම පෙබරවාරි හතරවෙනිදට මේ වගේ සුළු වැරදි කරපු දෙදාහකට ආසන්න පිරිසක් යස අගේට නිදහස් වෙලා ගෙදර යනවා (දිල්)
ජීවා Thursday, 05 December 2013 09:36 PM
ගොළුමඩම බිරිය දරුවන් 2 නාට ගිනිතබා ඝාතනය කළ නඩුවට මොකද වුණේ? (නි)
සත්‍යා Thursday, 05 December 2013 11:53 PM
ඕවට බය වෙන්න එපා.මේ රටේ ඕවත් වැඩද? (නි)
රුවිනි Friday, 06 December 2013 01:02 AM
මිනිස්සු හැදෙන්න නම් නීති පොතට මරණ දඩුවම ලියලා පමණක් මදි . (නි)
කොස්වත්ත Thursday, 05 December 2013 05:48 PM
මරණ දඬුවම තිබෙනවාද? (නි)
පිටබැද්දර ජයා Friday, 06 December 2013 12:37 PM
පවුල් ප්‍රශ්න වලදී මිනිස්සු හරියට ආවේගසිලි වෙනවා. ඒකේ ප්‍රතිපල තමා මේ. ගැහැනුන්ගේ කටවලුත් හොඳ නැහැනේ ඕන එකකට කච කච ගානවා.(නදී)
චානක. Friday, 06 December 2013 03:27 AM
අපි මේ තරම් මිලේච්ඡයන් වී තිබෙන්නේ සිංහයෙකුගේ ලේ වලින් පැවත ආ නිසාදැයි විටෙක මට සිතේ (නි)
කුමාරි Thursday, 05 December 2013 06:13 PM
මැරෙනතුරු අපේ සල්ලි වලින් කකා නිකන් ඉන්න නම් දෙන්න එපා. වගකිවයුත්තනි,හිර ගෙදර තුළ රටේ අසරණ අයට මුදල් උපයා දෙන්න හැකි කර්මාන්ත හදලා මේ වගේ අයගෙන් වැඩ ගෙන ඒවා බෙදා හරින්න ක්‍රමයක් හදන්න. (නි)
බිං Friday, 06 December 2013 04:45 AM
නීතියෙන් වෙන් වුණා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ... (නි)
උපාලි Friday, 06 December 2013 05:12 AM
හොඳට හිටියොත් අවුරුදු 20 යි, ඊළඟට 12 වෙනවා. තව ටිකක් "හොඳටම' හිටියොත් පෝයට ගෙදර එවන්නත් පුළුවන්. එක අතකට එහෙම යනවා නම් හොඳයි අපේ වියදමින් කකා ඉන්නේ නැතුව. (නි)
අමිල කටුනායක Thursday, 05 December 2013 06:25 PM
දඩුවම කවදා හෝ ස්වභාවිකවම ලැබෙයි (නි)
දිනිදු Thursday, 05 December 2013 06:49 PM
මෙයාගෙන් අවි ගැන අහලා වැඩක් නැති නිසා අඩු ගානෙ ගිනි පෙට්ටය තිබුන තැනවත් පෙන්නන්න කියලාවත් එලියට ගෙනියමු නෙද?.(නදී)
මගලී ප්‍රනාන්දු Thursday, 05 December 2013 06:55 PM
පෝරකය තියෙනවද? ඇයි මිනිසුන් රවටන්නේ? (නදී) .