(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව පොලිසියේ සැරයන්වරයකුට සහ කොස්තාපල්වරයකුට පහර දී බරපතල තුවාල සිදුකළ රංගන ශිල්පිනියකගේ ෙ සැමියා වන හිටපු ගුවන් නියමුවකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ආර්. ආර්. ගමගේ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයෙ තැබිමට නියෝග කළාය.
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ බොරලැස්ගමුව දිවුල්පිටිය පන්සල පාර පදිංචි සම්පත් චාමික බණ්ඩාර දිසානායක නමැත්තෙකි.
පහරදීමෙන් බරපතල තුවාල ලද බොරලැස්ගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන් හා පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
පවුල් ආරවුලක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනිය බොරලැස්ගමුව පොලිසිය වෙත දුරකථනය හරහා කරන ලද පැමිණිල්ලකට අනුව රාත්‍රී ජංගම සංචාරයේ දී සිටි පොලිස් සැරයන්වරයා ඇතුළු කොස්තාපල් වරුන් දෙදෙනකු රංගන ශිල්පිනියගේ නිවස වෙත ගොස් තිබූ බව පොලිසිය කියයි.
නිවසේ ආලින්දයේ පුටුවක සිට ඇයගේ පැමිණිල්ල සටහන් කර ගනිමින් සිටියදී එම ස්ථානයට කඩා වැදීණු සැකකරු එකවරම පොලිස් සැරයන් වරයාගේ මුහුණ දෙසට පාදයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමගම සැරයන්වරයා හිද සිටි පුටුවෙන් අඩි කිහිපයක් ඈතට විසිවී වැටීමත් සමගම එම ස්ථානයට ගොස් තිබූ සැකකරු සැරන්වරයාගේ ගෙල මිරිකීමට උත්සාහ කිරීමේදී එහි සිටි කොස්තාපල්වරුන් දෙදෙනා සැරයන්වරයා බේරා ගැනීමට උත්සාහ දැරීමේදී ඔවුන්ට ද සැකකරු පාදයෙන් පහර දී ඇති අතර එම ප්‍රහාරයෙන් එක් කොස්තාපල්වරයකුද තුවාල ලබා ඇත.
අනෙක් කොස්තාපල්වරයා විසින් දැඩි ආයාසයක් දරා තුවාල ලබා සිටි සැරයන්වරයා සහ කොස්තාපල්වරයා නිවසින් පිටතට ගෙන ඒ බව පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට ගොස් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100
කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි
මාදිවෙල මන්ත්‍රී බංගලා රැසක් අබලන්වීමෙන් මන්ත්‍රීවරුන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
කතානායක නිල නිවසේ ආහාර පාන ඇතුළු වියදම් සියයට පනහකින් පමණ කපා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පලාත් පාලන ආයතන 339 ජන්ද විමසීමට අදාළ ජන්ද මධ්‍යස්ථාන සකස් කිරීම අද (5) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපති අනුර දිසානායක මහතා ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති බවට ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව මහතා කළ චෝදනාව සම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බිරියගේ පැමිණිල්ල ලියන්න ගිය පොලිසියට හිටපු ගුවන් නියමු සැමියා ගහලා
කුකුල් චමින්ද Friday, 20 December 2024 11:10 PM
එයා ගුවන් නියමුවෙක් නිසා පොලිස් නිලධාරියාට ගුවනින් යන්න දීලා. මං වගේ බත් කටක් කැව්වා නම් ඉවරයිනේ...
මහේෂි මධුසංකා Saturday, 21 December 2024 12:13 AM
අයියෝ පොලිස් මහත්තුරු. 3:1 අනුපාතයෙන්වත් බෑ. තව පිරිසකුත් ඕනෑ. අඩුගානේ අර ඔලුව කැක්කුමට ගාන ජාතියවත් ළඟ තිබුණේ නැද්ද? මේ අයගේ ශාරීරික යෝග්‍යතාවය අඩුම ගානේ මාසෙකට සැරයක්වත් චෙක් කරන්න ඕනෑ.
sam Saturday, 21 December 2024 03:58 AM
මෙච්චර දෙයක් වෙලත් ඇයි ඔවුන්ගේ නම් නැත්තේ? අහිංසක මිනිහෙක් කළානම් ඒ මනුස්සයාගේ ඔක්කොම කියනවනේ...
m.saman perera Saturday, 21 December 2024 10:06 AM
රංජන්ට තමයි මේවට වගකියන්න ඕනෑ.
පිටිගල මිලානෝ Saturday, 21 December 2024 12:23 PM
රන්ජා මේ නිළිය පිටිපස්සෙන් හිටිය ප්‍රථිඵල නිකුත්වී ඇත. හිරුගෙන් වුණු ලීක් එකට පයිලට් සැමියාට එක රැයින් ජොබ් එක අහිමි විය. සෙප්පඩ නිළියක් බැඳගත්ත වැදගත් වෘත්තිකයෙක්ට වුණු අකරතැබ්බයක්... නිළිය ගාල්ලෙන් ඇපත් නැතුව පරාදයි.
ජිල්බුSaturday, 21 December 2024 01:21 PM
මම හිතං හිටියේ ඕපාදූප හොයන්නේ මං විතරයි කියලා... බලාගෙන ගියාම අම්බෝ...
ලංකිකා Sunday, 22 December 2024 04:15 AM
මිලානෝ චීත්ත පිටිගල...