IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බර්මින්හැම් මහාවිහාරයේ කඨින පිංකම

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ශ්‍රී ලාංකික විහාරස්ථානයක් වන බර්මින්හැම් මහා විහාරයේ වාර්ෂික කඨින පුජෝත්සවය පසුගිය දා පැවැත්විණී.

ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් බෞද්ධවිහාරයේ රත්මලේ පුණ්‍යරතන හිමි සහ ශ්‍රී ලංකාවේ මදිල්ලේ පඥාලෝක හිමියන් සමඟ ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුළු එංගලන්තයේ ශ්‍රී ලංකා විහාරස්ථානයන්හි මහා සංඝරත්නය 15 නමක් පිංකමට වැඩම කළහ.

සර්වරාත්‍රි පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පැවැත්විණි.

විහාරාධිපති ආචාර්ය විතාරන්දෙණියේ කස්සප හිමියන්ගේ අනුශාසකත්වයෙන් පිංකම සිදු විය.

සවුත්හම්ප්ටන්හි වෛද්‍ය විජයවීර පවුලේ සැම සහ විහාරයේ සියලුම දායක කාරකාදීන්ගේ අනුග්‍රහය පිංකම සාර්ථකව පැවැත්වීම සඳහා උපකාරීවූ බව කස්සප හිමියෝ පැවසුහ.

ශ්‍රී ලාංකික මෙන්ම බ්‍රිතාන්‍ය, ඉන්දියා, කාම්බෝජ, චීන සහ අනෙකුත් බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසක් පිංකම සඳහා සහභාගී වුහ.

 

 

 



අදහස් (0)

බර්මින්හැම් මහාවිහාරයේ කඨින පිංකම

ජයන්ත Thursday, 31 October 2013 02:43 PM

සාධු, සාධු, සාධු මෙම අට මහා කුසල් වලට සහබාගි වී හෝ දැක පින් සිතිවිලි පහල කරගන්න.අන් අය කරන පින් දැක සතුටු වීම ''පත්යානුමොදනා'' ලෙස හැදින්වේ.යම් දහම් කරුණක් හෝ ධර්ම දානයක සහබාගි වීමට කැමති නම් පමනක් කතා කරන්න, 00393341227517 තෙරුවන් සරණයි සියලු තුන් ලෝ වාසීන්ට. (ස)

:       0       0

නිහාල් ජෙනොවා ඉතාලිය Friday, 01 November 2013 02:34 AM

ඉතාලියේ ජෙනෝවා නගරයේ සම්බුදු විහාරයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පිංකම නොවැම්බර් 03 ඉරිදා සාලාකියාමාතාහිදී පැවැත්වේ.එදින කඨින පෙරහැර ,සම්බුද්ධ පුජාව ,කඨින චීවර පුජාව ,කප්රුක සාංඝික කිරීම ,තෙසැත්තා ඥාන වන්දනාව. කාව්‍යයම ධර්ම දේශනාව කැලණිය පඤාඤානන්ද ධර්මායනවිහාරවාසී ගෞරව ශ්‍රස්ත්‍රවේදී. රාජකීය පණ්ඩිත පුජ්‍ය කටුවන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේ විසින් සිදු කරයි. සම්බුදු විහාරයේ විහාරාධිපති මහාඋස්සාවැව ඥානතිලක හිමි මෙත් සිතින් සියලු දෙනාටම ආරාධනා කරයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site