බ්‍රිතාන්‍යයට පැමිණෙන ආර්ථික සහ හොර සංක්‍රමණිකන්ගේ සංඛ්‍යාවේ වර්ධනය පාලනය කිරීමට නොහැකි තරම් ඉහලගොස් ඇතිබවටත් ඒමඟින් බ්‍රිතාන්‍ය ආර්ථිකයට දරාගත නොහැකි තරමේ පීඩනයක් ඇතිවී තිබෙන බවටත් රජයට නැගෙන විවේචන හා දෝෂාරෝපණ පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මෙම ප්‍රශ්නය වහාම නිරාකරණය කිරීම සඳහා කඩිනම් පියවරක් ගැනීමටත් නව ආගමන පාලන නීති රීති ගෙන ඒමටත් අත්‍යාවශ්‍ය බව පවසා ඇත.
බ්‍රිතාන්‍ය ආගමන නීතිරීති ඉතාමත්ම දුර්වල බවත් ඒ නිසාම බ්‍රිතාන්‍යයට සංවිධානාත්මකව මිනිසුන් පැටවීමේ ජාවාරම් කාලයක් තිස්සේ සිට ලෝකයේ බොහෝරටවල ක්‍රියාත්මක වු බවත් මෑතක සිට ප්‍රසිද්ධ වන මාධ්‍ය වාර්තාවල පවා සඳහන්ව තිබුණි.
විශේෂයෙන් කලින් සෝවියට් සමුහාණ්ඩුවට පක්ෂපාතීවසිටි නැගෙනහිර යුරෝපයේ රටවල් වලට යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාදුන් පසුව මෙම ප්‍රශ්නය නව මුහුණුවරකින් ඉස්මතුවී ඇති බවද ඒවායෙන් පෙන්වා දී තිබුණි. වසර ගණනක සිට රුමේනියාව, බල්ගේරියාව, පෝලන්තය, යුක්රේනියාව සහ සර්බියාව වැනි රටවල පිරිස් පවුල් පිටින් බ්‍රිතාන්‍යයට
පැමිණීමට පටන්ගෙන ඇත. මෙලෙස පැමිනෙන සියලුදෙනාටම රැකියා, නිවාස, සෞඛ්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය පහසුකම් සැපයීමට බ්‍රිතාන්‍ය රජය බැඳී සිටී. මෙම තත්වය අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස් නිසා ප්‍රශ්න රැසකට මුහුණදීමට රජයටත් අනෙකුත් ආයතනයන්ටත් සිදුවී ඇත.
මැරපිරිස් සහ දාමරිකයන් බ්‍රිතාන්‍යයේ නිර්ලෝභී පරඋපකාරයන් ලබාගැනීම සඳහා කිසිදු වෘත්තියමය සුදුසුකම් නැති කණ්ඩායම් ද සංවිධානාත්මකව බ්‍රිතාන්‍යයට එවති. සමහර අවස්ථාවල මෙවැනි කණ්ඩායම් ගෙහිමියන් නිවාඩුවකට ගොස් ඇති අවස්ථාවල ගෙවල් වලට ඇතුල්වී ජීවත්වෙති. වසාදමා ඇති කඩ සාප්පු වලට අනවසරයෙන් ඇතුල්වී කිසිදු කුලියක් නොගෙවා ඒවායේ වෙල හෙළදාම් පවත්වාගෙන යති. මෙවැනි අවස්තාවක අනවසරයෙන් අතුල්වෙන්නන් එලවා දැමීමට හෝ අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලයක් නැත. එවැනි අවස්තාවක එම දේපළ හිමිකරුවන් තමන්ගේ ගේ දොර ඉඩ කඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නා අයට විරුද්ධව නඩු පැවරිය යුතුය. මෙවන් නඩු වසර ගණනාවක් ඇදී ඇදී යන අතර නඩු තීන්දුව අවසානයේ මැරවරයන් පන්නා දැමීමට පොලිසියට බලය පැවරෙයි. මෙය පුදුමාකාර එහෙත් සත්‍ය තත්වයකි. මේ වග පිටරටින් එන කොල්ල කරුවන් හොඳින් දන්නා අතර නීති පද්ධතියේ ඇති එම හිඩැස ඔවුන් හොඳාකාරව තමන්ගේ වාසියට භාවිතා කරති.
මෙවැනි සාරපරාධී ක්‍රියාවන්ගේ ගොදුරු බවට පත්වන අහිංසක ජනතාවට පිහිට වන්නට කිසිවෙක් නැත. මෙවැනි කෘර අපරාධයන් නිසා ඉඩකඩම් අහිමිවී මහපාරට වැටුන අය අනන්තය.
කැමරන් අගමැති වරයා දැන් කියන්නේ මේ සෙල්ලම දුරදිග ගියා හොඳටම වැඩිය කියාය.
ඔහු ගෙනඒමට බලාපොරොත්තුවන නව යෝජනාව වන්නේ එංගලන්තයට පැමිණෙන සංක්‍රමණිකයන් හට ආධාර ලබාදෙන්නේ මාස හයකට පමණක් බවය. එයින් පසු සියලු අත්‍යාවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වියහියදම් තමන් විසින්ම උපයාගත යුතුවෙයි.
කැමරන් යෝජනා කරන මෙම රෙකුලාසි ක්‍රියාත්මක කිරීමේදීත් උවමනා අයට රිංගා යන්නට පුළුවන් හිල් හදා ගතහැකි බව මෙම යෝජනා ප්‍රතික්ෂේප කරන සමහරු කියති. ඔවුන් ප්‍රශ්න කරන්නේ බ්‍රිතාන්‍යයට ප්‍රයෝජනකක් නැති නිකමුන් රටතුලට වැද්දා ගන්නේ මොකටද කියාය. හොරුන්ට තක්කඩියන්ට රට තුලට එන්න ඉඩදී පසුව ඔවුන් දමනය කරන්නට යාම කිසිම වැදගැම්මකට නැති වැඩක් බවද ඔවුන් කියති.
2025 දෙසැම්බර් මස 18
36
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
124
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍ය සංක්‍රමණික නීති තද කරයි
පාල Wednesday, 27 March 2013 02:07 PM
ඕනිවට වඩා මනුස්සකම් පෙන්නුවහම කරේ නගිනවා (ස)
සකූ Wednesday, 27 March 2013 02:08 PM
ඇමරිකාවේ මිලියන 80 ඉන්නවා හොරෙන් . විශ්වාස කරන්නත් අමාරුයි (ස)
මහින්ද Wednesday, 27 March 2013 02:16 PM
අයියෝ සල්ලි (දී)
මලිත් Wednesday, 27 March 2013 02:17 PM
අපෙන් වූ වැරදි නසා තමයි ඔවුන් මේ වගේ පියවර ගන්නේ (දී)
ශිලා Wednesday, 27 March 2013 02:19 PM
අයියෝ මමත් යන්න ඉන්නේ (දී)
ලසන්ත Wednesday, 27 March 2013 02:13 PM
එතකොට ඒ රටේ ඉන්න කට්ටියට මොකද වෙන්නේ (දී)
මලිත් Wednesday, 27 March 2013 02:22 PM
එකනම් හොදයි (දී)
ජීවන් Wednesday, 27 March 2013 02:38 PM
හරියට නීතියක්, විනයක් , සදාචාරයක් අපේ උතුම් රටේ තියෙනවානම් අපිට මෙහෙම වෙන්නේ නෑ (ස)
පෙරේරා Wednesday, 27 March 2013 02:39 PM
අපි පිලිගතයුතුයි අපේම වැරදි නිසා තමයි ඔය (දී)
කණිෂ්ක Thursday, 28 March 2013 11:40 AM
සදුන්, මනෝ විද්‍යාවට අනුව අපි නිතරම කියන දේ සමහර විට සිද්ධ වෙන්න පුළුවන්. (නි)
හසන්ති Wednesday, 27 March 2013 03:56 PM
අපිටමනෙ වෙන්නේ (දී)
සුමිත් Wednesday, 27 March 2013 04:05 PM
රකින් රටකට යන්න කලින් කොච්චර පරීක්ෂණ කරන්න ඕනෙද. ඒ ඔක්කොම කරගෙන අපේ මිනිස්සු යන්නේ රටේ නම්බුව නැති කරන්නනේ (දී)
සිල්වා Wednesday, 27 March 2013 04:12 PM
නිකන් ප්‍රශ්න දාගන්න ඒ රට උනත් කැමති නැහැනේ (දී)
දර්ශන Thursday, 28 March 2013 01:00 PM
මමනම් කැමතියි ඒ වැඩේට (දී)
සඳුන් Wednesday, 27 March 2013 04:26 PM
ලංකාවේ ඉන්න සිංහල බෞද්ධයන්ටත් ඔය ටික තමයි වෙන්න යන්නේ. දැන්ම ඉඳල සමහර අය උතුරෙන් කොටසකුයි , නැගෙනහිරෙන් කොටසකුයි ඉල්ලන්න කැගහන්නේ. ඓතිහාසික කුරගලට එහෙම වෙලා තියෙන්නේ ඔය සන්තැසිය තමා.(ස)
හිරුනි Thursday, 28 March 2013 04:02 AM
මේ වන වැඩ දැක්කාම නොකර බැහැනේ (දී)
මිලින්ද Thursday, 28 March 2013 04:14 AM
අපිට තමයි ඒකෙන් බලපෑම වෙන්නේ (දී)
සුරියප්පෙරුම Wednesday, 27 March 2013 05:08 PM
ඒක ඉතින් ඒ අපේ අහේතුව
ජෝන් Thursday, 28 March 2013 05:00 AM
ග්‍රීසියේත් සිදුවන මෙවන් අක්‍රමකතා ගැන රජය මැදිහත් වී සොයා බැලිය යුතුයි. (නි)