තෙදින නිල සංචාරයකට දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍ය හියුගෝ ස්වයර් සිකුරාදා (15) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ අමාත්‍යංශය සඳහන් කියයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් යාපනයේ වීරසිංහම් ශාලාවේ පැවැත්වෙන තෛපොංගල් උත්සවයටද ඔහු සහභාගී වීමට නියමිත අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා හමුවීමට ද නියමිතය.
මේ අතර හියුගෝ ස්වයර් මහතා ලබන සෙනසුරාදා දිනයේ ගාල්ලේ පැවැත්වෙන සාහිත්‍ය උත්සවයට ද සහභාගී වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
මීට පෙර 2015 වසරේ ජනවාරි මාසයේද හියුගෝ ස්වායර් ශ්‍රී ලංකාවට ආවේය.
මෙම සංචාරයේදී හියුගෝ ස්වායර් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ සාගල රත්නායක ඇතුළු රජයේ ඉහළ පෙළේ මැති ඇමැතිවරු කිහිප දෙනෙකු සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිතාන්‍ය විදේශ ඇමැති තෛපොංගල් සමරන්න යයි
මුණසිංහ Friday, 15 January 2016 02:26 AM
අප්‍රේල් අලුත් අවුරුද්දට බලමු කීදෙනෙක් ඇවිල්ලා දකුණේ සංචාරය කරයිද කියලා. මොවුන් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ උතුර විතරයි කියලා. (නි)
අනූ Thursday, 14 January 2016 02:39 PM
උතුරට කිරි අපිට කැකිරි කිව්වලු(අ)
රංග Thursday, 14 January 2016 10:39 AM
දැන් විදේශ කවුරු හරි අවොත්, ඊළඟට යාපනයට ගිහින් දෙමල සංධානය වෙනමත් හම්බ වෙන එක විලාසිතාවක් වෙලා. (ර)
ඇසළ Thursday, 14 January 2016 10:57 AM
මේක මාර කෙලියක් වෙලා එන එන කෙනා උතුරට විතරයි යන්නේ ඇයි දකුණ කළුද.? (ර)
සොපි Thursday, 14 January 2016 12:10 PM
අනේ මෙයාලා අපේ රටේ ජනතාවට පුදුම ආදර කරුනාවක්නේ තියෙන්නේ... ? (ර)