පෝලියෝ වයිරසයේ ව්‍යාප්තිය ගැන බියක් හටගැනීමත් සමඟ ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු පොඩිත්තන්ට පෝලියෝ මර්දන බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.
මහා බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක් හටගත්තේ, වසර 40 කට පසු ලන්ඩන් අගනුවරින් පෝලියෝ වයිරස විෂබීජ හමුවීමත් සමඟය. පෝලියෝ වයිරස විෂබීජ හමුවූයේ පසුගිය ජූනි මාසයේ ලන්ඩන් නුවර අපහවන නළයකින් ලබා ගත් සාම්පල පරීක්ෂා කිරීමේදීය.
බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කළේ, දරුවන්ගේ වැඩි ආරක්ෂාවට බවත්, තවමත් බ්‍රිතාන්‍යයේ කිසිදු තැනකින් පෝලියෝ ආසාදිතයකු හමුවී නැති බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර ඇත.
අපවහන නළයෙන් පෝලියෝ වයිරස විෂබීජ හමුවුණු බැවින්, වයිරස ව්‍යාප්තියක් සිදුවීමට ඉඩ ඇති බවත්, ඒ අනුව ‘හදිසි තත්ත්වයක්’ ලෙස සලකා පෝලියෝ බූස්ටර් එන්නත් ලබා දීම සිදු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.
පෝලියෝ යනු ‘පෝලියෝ මයලයිටීස්’ වයිරසය ආසාදනය වීමය. ‘පෝලියෝ මයලයිටීස්’ වයිරසය, ‘පෝලියෝ වයිරසය’ යන නමින් ද හැඳින්වෙයි. වයිරසය ආසාදනය වන්නේ මළපහ මාර්ගයෙනි. ඉන්පසු ආසාදිතයකුගෙන් තවත් ආසාදිතයකුට ඉතා වේගයෙන් පැතිරේ.
වයිරසය සිරුරට ඇතුළු වී රුධිරයට මුසුවුණු පසු රෝග ලක්ෂණ පහළ වීම සිදුවෙයි. වයිරසය මධ්‍යම ස්නායු පද්ධතියට ඇතුළු වූ මාංශපේශීන් දුර්වල වෙයි.
දරුවන්ට පෝලියෝ එන්නතේ පළමු මාත‍්‍රාව ලබා දෙන්නේ මාස 2 සම්පූර්ණ වූ විටය. ඉන්පසු මාස 4 සම්පූර්ණ වෙද්දී එහි දෙවැනි මාත‍්‍රාව ද, මාස 6 දී තෙවැනි මාත‍්‍රාව ද ඉන්පසු අවුරුදු 1 1/2 දී සිවුවැනි මාත‍්‍රාව ආදී වශයෙන් පෝලියෝ මුඛ එන්නත් ලබා දීම සිදුවෙයි. ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු දරුවන්ට ලබා දෙන්නේ මෙම එන්නත් මාත‍්‍රාවලට අමතර බූස්ටර් එන්නත් මාත‍්‍රාවකි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක්