(උපාලි ආනන්ද)
කලාවැව සහ නාමල් උයන ඇතුළු අවට ප්‍රදේශවල වසර ගණනාවක් තිස්සේ සැරිසරමින් පරිසරයට ඉමහත් සුන්දරත්වයක් එක් කළ පිරිපුන් දළ යුගලකින් හෙබි බරණ දළ ඇතාට විදුලි සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුව ගත් පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් එම්. පී ගස්සාලි මහතා නියෝග කළේය.
යළි ලබන සැප්තැම්බර් මස පළමුවන දින කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද වැඩබලන මහේස්ත්‍රාත්වරයා සැකකාර පොලිස් කොස්තාපල්වරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.
මෙම සැකකාර පොලිස් කොස්තාපල්වරයා ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සේවය කරන්නෙකු නිසා ඔහුට ඇප ලබා දුන හොත් ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ පැහැදිලි හැකියාවක් පවතින බවත්, එසේ ඇප ලබා දුනහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවන නිසාත් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට වනජීවී නිලධාරීන් දීර්ඝව කරුණු දක්වමින් කළ ඉල්ලීම් සියල්ල ප්‍රතික්ෂේප කළේය.
මෙසේ ඇප මත මුදා හැරියේ ගල්කිරියාගම උල්පතගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු වන ජේ. එච්. එම්. අජිත් කුමාර ජයසුන්දර නැමැත්තෙකි.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1072
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බරණගේ ඝාතකයාට ඇප
Ruhunu Sunday, 07 August 2022 12:07 PM
මේ කරන දේවල් මේ මනුස්සයොන්ගේ දරුවන්ටත් දවසක සාප දෙනවා.