IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බ්‍රිගේඩියර් එනතුරු පිරිසක් කටුනායක

රතුපස්වල ජල ගැටළුවේදී වැලිවේරිය නගරයේ පැවැති උද්ඝෝෂණයේදී  නිරායුධ ගැමියන්ට වෙඩි තැබීමට අණ දුන් බව කියන  බ්‍රිගේඩියර්  දේශප්‍රිය ගුණවර්ධන මහතා තව සුළු මොහොතකින්  දිවයිනට පැමිනීමට නියමිතය.

යුධ හමුදා වෙඩි තැබීමෙන් පාසැල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු මියගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලැබුහ.

ජල සටනේදී මාරාන්තික උපවාසයක යෙදුණු තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අද රතුපස්වල ගම්වැසියන් පිරිසක් සමග කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට වැඩම කර ඇති බව වාර්තා වෙයි.

උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ යුධ හමුදා වෙඩි තැබීමෙන් මියගිය සහ තුවාල ලැබු තරුණයින්ට යුක්තිය ඉටු කර දෙන ලෙසයි.

ගුණවර්ධණ සුරිය ආරච්චිගේ දොන් අනුර දේශප්‍රිය මහතා අද කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් 664 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණීමට නියමිතය.

අද පෙරවරු අටට මෙරටට ළඟාවීමට නියමිතව තිබු යානය මදක් පමා වී  පෙරවරු 10.30 ට මෙරටට පැමිණීමට නියමිතය.

IMG_20150915_091934 IMG_20150915_091939 IMG_20150915_091947

 1

 



අදහස් (0)

බ්‍රිගේඩියර් එනතුරු පිරිසක් කටුනායක

නුවන් Tuesday, 15 September 2015 04:43 AM

මේවා මානව හිමිකම් කඩකිරීම්... බ්‍රිගේඩියර්ව වහාම අත් අඩංගුවට ගන්න(ම)

:       0       0

ලුම්බිණි Tuesday, 15 September 2015 04:55 AM

සාධාරණ සටනක් (ම)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 06:15 AM

රජවරු ,බිසෝවරු,කුමාරවරු සදාකල් ලංකාවේ බලයේ හිදිවී කියලයි මේ බ්‍රිගේඩියර් හිතුවේ. (අ)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 15 September 2015 06:40 AM

කටුනායකදී පොලිස් නිලධාරීන්ගේ ඔලු වලට ගල්ගෙඩි අත ඇරපු ,හලාවතදී කඩු පොලු නරගෙන පොලිස් නිලධාරින් මරන්න ආපු, රතු පස්වලදී ප්‍රධාන පාරත් අවහිර කරලා සියලු අතුරු මාර්ගත් වහගෙන මගී ජනතාව ප්‍රාණ ඇපයට අරන් ආරක්ෂක අංශ වලට අභියෝග කල අවසානයේ පොලු මුගුරු පැට්‍රල් බෝම්බ වලින් ඔවුන්ට පහර දුන් එව්වෝ වෙඩි කෑවම සුප්පුව කටේ ගහපු නොදරුවෝ.මේ සියලු සිදුවීම් වලදී ආරක්ෂක අංශ හැසිරුනේ ඔවුන්ගේ වගකීම වන සාමකාමී ජනජීවිතය පවත්වාගෙන යාමට සීමිත පිරිසකගේ වියුරුවෙන් බහුතර ජනතාව පිඩාවට පත් වීම වලක්වා ගන්න..ගහන්න ඕන තැන ගහන්න ඕන .වෙඩි තියන්න ඕන තැන වෙඩි තියන්න ඕන..හමුදාව පුහුණු කරලා තියෙන්නේ ආයුධ දාල දුවන්න නෙමෙයි.මේ සියලු සිදුවීම් අපි මාධ්‍ය වලින් දැක්ක.දේශපාලන අරමුණු සදහා ජිවිත බිලි දෙමින් මළමිනී මතින් තම දේශපාලන ගමන් මග සකස් කරගත් යම් පිරිසකගේ උසිගැන්වීම් වලින් මේ වුණු සිදුවීම් වලට හමුදාව පලි නැහැ..මොන රජයක් බලයේ හිටියත් මේ උද්ඝෝෂකයින් නලවන්නේ නැහැ කවුරුත්..කර්මාන්තශාලාව ඉවත් කිරීමත් සමග විශ්ව කර්ම සිදුවීම වුනේ ක්ෂණිකව වතුර පිරිසිදු වීම..අදටත් ඔය වතුර පරීකෂා කළා නම් එදා ප්‍රතිපලයම තමයි..මේ දේශපාලන කැනහිලුන්ට ඕන වුනේ කම්හල ඉවත් කරවීම..ඔවුන් එක කරගත්ත..අද රතුපස්වල මිනිස්සුන්ට ගමට රැකියාවන් දීපු කම්හලත් නැහැ..වතුරේ පිඑච් අගයත් එහෙම්මම තමයි.ලැබුනේ අර මළමිනී දේශපාලනයෙන් ලබාදීපු මරණ තුනක මතකය පමණයි. (අ)

:       0       0

අභීත Tuesday, 15 September 2015 06:45 AM

ඇත්තවශයෙන්ම සාධාරණයි. මියගිය අයට වන්දි ගෙවා, වැරදිකරු සොයා දඬුවම් දියයුතුයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 06:50 AM

සාධාරණ සටනකට සිටියයුතුම කෙනෙක් වන අපේ හිටපු ඇමතිවරයෙක් මෙතන පෙනෙන්න නැති එක ගැන මට දුකයි (නි)

:       0       0

තිස්ස Tuesday, 15 September 2015 06:50 AM

බ්‍රිගේඩියර් විදේශගත වුණේ ඇයි දන්නෙ නැහැ (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 06:52 AM

අසරණ නිරායුධ මිනිසුන්ට වෙඩිතියලා මරන්න නම් මොන නීතියකට අනුවවත් නොහැකියි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 15 September 2015 06:52 AM

බලමු දැන් නීතිය ක්‍රියාත්මක කරන හැටි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site