IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බ්රේක් එක ඇල්ලුවම රෝද නවතිනවා

2016-03-18-ent-18

"අනේ මම අද චෙක්අප් එකට හොස්පිටල් ගියානෙ, මගේ බ්ලඩ් රිපෝට් එකේ පොඩි අවුලක් තියෙනවලු... බ්ලඩ් වල ලේ තියෙනවලු." ඔන්න ඔය වගේ කතන්දරත් අපි අහලා තියෙන එකේ, මෑතකදී පුංචි තිරේ කාර්මික ශිල්පියෙකුට වෙච්ච සිද්ධියක් ආරංචි වුණා.

ඔහුට ඉන්නවලු අවුරුදු 12ක විතර පාසල් යන පුතෙක්. කාලෙක ඉඳලා පුතා තාත්තගෙන් සයිකලයක් ඉල්ලනවලු, ඒත් එහෙම ගන්න තරම් ඔහුට ලොකු වත්කමක් තිබිලා නැහැ. කොහොම හරි මේ කතාව ආරංචි වෙච්ච ඔහුගේ කලා ලෝකෙ හිතවතෙක් කොළඹින් හොඳ බයිසිකලයක් අරන් දීලා. බයිසිකලය ගෙදර ගෙනාපු වෙලාවෙ ඉඳන් පුතාට ඉවසිල්ලක් නැහැලු ඒක පදිනකන්. ඒත් ඉතිං වින්කලයකට ගිහිං හොඳ සර්විස් එකක් කරන්නෙ නැතිව පදින්න දෙන්න බැහැනෙ. ළඟම තියෙන සයිකල් වින්කලේට පුතා එක්කම ගියාලු සර්විස් කරගන්න. වින්කල් අයිතිකරුගේ නම නිමල්.

"නිමල් කොහොමද භාණ්ඩෙ, නියමයිනෙ?"

"ඔව් ඔව් හොඳයි ඉතිං..."

"ඇයි නිමල් හොඳයි ඉතිං, කිව්වේ. මොනවා හරි අවුලක්ද බයික් එකේ, ඔහු කලබල වුණා."

"අවුලක්මත් නෙවෙයි, හැබැයි ඉතිං එක ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් පරෙස්සමින් පදින්න කියන්නකො."

"මොකද්ද, මොකද්ද අවුල, කියන්නකො."

"මම කිව්වනෙ ලොකු අවුලකුත් නෙවෙයි. බ්‍රේක් එක ඇල්ලුවම රෝද නවතිනවා..."

 

DESHAYA

 



අදහස් (0)

බ්රේක් එක ඇල්ලුවම රෝද නවතිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site