IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


බුර්කාව - මුහුණු ආවරණ පැළදීම තහනම් කරන නීති ගේනවා

(මනෝප්‍රිය ගුණසේකර)

කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් මිනිසුන්ගේ දේහ පිළිබඳ අවසාන කටයුතු සිදුකළ යුත්තේ කෙසේදැයි තීරණය කළ යුත්තේ සෞඛ්‍ය බලධාරීන් යැයි අධිකරණ  අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.
 
ආරක්‍ෂාවට තර්ජනයක් වන අන්දමින්, පොදු ස්ථානවල මුහුණ ආවරණය වන අන්දමින්, බුර්කාව ඇතුළු වෙනත් මුහුණු ආවරණ පැළදීම තහනම් කිරීමට නීතී සකස් කිරීම සඳහා යෝජනා කැබිනම් මණ්ඩලයට යොමු කර ඇති බවද අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පැවසීය.
 
කොවිඩ්-19 ආසාදනය වී මිය යන මුස්ලිම් භක්තිකයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකිරීම පිළිබඳ තමාට මතයක් ඉදිරිපත් කළ නොහැකි යැයි වැඩිදුරටත් පැවසු අලි සබ්‍රි මහතා එය සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් යැයිද වැඩිදුරටත් පැවසීය.
 
අපේ ජනබල පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්මේන්තුවේ කළ ප්‍රකාශයක් පදනම් කරගෙන සමාජයේ පැතිර යන වැරදි මතයන් දුරුකිරීම සඳහා  අධිකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය සාකව්ඡාකදී මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අලි සබ්‍රි මහතා එසේ පැවසීය.



අදහස් (13)

බුර්කාව - මුහුණු ආවරණ පැළදීම තහනම් කරන නීති ගේනවා

nisar Thursday, 25 February 2021 11:09 AM

කොරෝනාට බයෙ ගගනගාමීන් මෙන් වසාගෙන යෑම ආරක්‍ෂාවට තර්ජනයක් නැද්ද​? මාස්ක් පැළඳගෙන සිටියාම අනන්‍යතාවය තහවුරු වෙනවා ඇති. තහනම් කරත්, නැතත් හොරුන්, මංකොල්ලකරුවන් කොහොමත් මුහුණු ආවරණය කරලා තමයි වැඩේට බහින්නේ...

:       0       0

නානා Thursday, 25 February 2021 11:56 AM

නීතිය ගෙනාපු දවසට අපි විශ්වාස කරන්නම්. එතකල් දිරච්ච ලණු කන්නේ නැහැ. බුර්කාවට අමතරව ඉස්ලාම් අන්තවාදීන් විසින් කාන්තාවන්ට බලහත්කාරයෙන් අන්දවන අපේ රටේ දේශගුණයට මොන අාකාරයකටවත් ගැලපෙන්නේ නැති හිජාබ්, නිකාබ්, චදෝර් වගේ එක එක ඇඳුම් වර්ගත් තියෙනවා. මේ එකක්වත් නැතුව ඉස්සර අපේ රටේ ඉස්ලාම් භක්තික කාන්තාවන් ඇන්ද "මොට්ටැක්කිලිය" නමින් කවුරුත් සෙනෙහසින් හැඳින්වූ ඇඳුම අනිවාර්ය කළා නම් මේ ප්‍රශ්නය විසඳා ගන්නට පුළුවන් වෙයි. එ්ත් ඉතින් මොනවා කළත් රටපුරා පැතිරී ඉන්නා අන්තවාදීන් නම් කැමති කරවා ගන්න පුළුවන් වෙන එකක් නැහැ...

:       0       0

Nuwan Thursday, 25 February 2021 12:06 PM

කොහොමද වංගුව... පාස්කු වාර්තාව යට යවන්න?

:       0       0

Rata Perata Thursday, 25 February 2021 03:41 PM

ඉතාම කාලෝචිත වැඩක්... අගය කරනවා..

:       0       0

Dr kapila Thursday, 25 February 2021 04:16 PM

වෛරසය මැඩපැවැත්වීමට නම් ඔබ ආදාහනය කළ යුත්තේ වෛරස ආසාධිතයින්ය. ඒ මන්ද වෛරස ගුණනය වන්නේ ජිවී දේහතුළ මිස අජීවී වස්තු තුළ නොවන බැවිනි. ආණ්ඩුවට සුපිරිම ලණුවක් දුන්නා.

:       0       0

Perera Thursday, 25 February 2021 05:39 PM

ඕවා ගෙනැල්ලා ක්‍රියාවට නංවලා කතා කරන්න.

:       0       0

Bandara Thursday, 25 February 2021 06:15 PM

මුහුණු දෙකක් තියෙනවා නම් තමයි වැඩේ...

:       0       0

nalin Friday, 26 February 2021 01:56 AM

භූමදානය කරන්න අවසර දීපු එකේ රස්නේ අඩුකරගන්න ගහපු ගැටයක් ඕක...

:       0       0

Raveendra Friday, 26 February 2021 06:19 AM

අලි උන්දැට අප මෙසේ කීමට කැමැත්තෙමු. කියවීම නමැති කැටයම් කලාව අප රටේ දේශපාලුවන්ගෙන් 99.9999999% ක්ම ඉතා ඉහළින්ම ප්‍රගුණ කර ඇති බව නොරහසකි. වැඩිපුරම කතා කරන්නේ පිංගුත්තරයන්, වාචාලයන් මෙන්ම කිසිඳු වැඩක් නොකර පිනටම ගිලමින් ජීවිකාව ගෙවන "බූරුවන්" බව පැරැන්නන්ගේ වැදගත් කියමනකි. එම කියමන 100%ක් නිවැරදිය. එමෙන්ම වැඩ කරන මිනිසා නිශ්ශබ්දයි. වැඩ නොකරන කෙනා නිතරම තප්පුලන බවත් නොරහසකි. එබැවින් කතාව අඩුකර තමන්ගේ වගකීම් නිසි ලෙස කරන මෙන් සියලුම පුරවැසියන් "අලි ගොයියාගෙන්" ඉල්ලා සිටින්නෙමු.

:       0       0

Nihal Friday, 26 February 2021 10:10 AM

සෞදි රජුගේ පුත් සියලු කාන්තා අයිතීන් දෙමින් ඉන්නවා. මෑතකදී රිය පැදවීමට අවසර ලැබුණි..

:       0       0

sharm warn Friday, 26 February 2021 01:01 PM

බයිලා තමයි..

:       0       0

sirimal Saturday, 27 February 2021 09:52 AM

ගෙනාව දවසක විශ්වාස කරන්නම්. ඕකත් දිරච්ච ලණුවක්ද කවුද දන්නේ? බුර්කාව විතරක් නොවේ නිකාබ්, හිජාබ්, අල් අමීරා, බුෂියා, බටුලා, චදාරි, කිමාර් වගේ තව විවිධ ජාතියේ කාන්තා ඇඳුම් ප්‍රබේධ තියෙනවා. එකක් තහනම් කරලා වැඩක් වෙන්නේ නැහැ. මේ සේරටම වඩා හොඳයි අර ඉස්සර මුස්ලිම් කාන්තාවන් පැළඳගෙන හිටිය " මොට්ටැක්කිලිය" කියලා කවුරුත් ආඩම්බරයෙන් හැඳින් වූ ඇඳුම භාවිතා කරන්න අනුබල දෙනවා නම්. ඒ විතරක්ද "එක රටක් එක නීතියක්" යටතේ මද්‍රසා, ෂරියා වගේ දේවලුත් වෙනස් කරනවා කියල නේද ඡන්දේදී කීවේ? ඒවා ගැන දැන් කතා නැත්තේ මොකද දන්නේ නැහැ.

:       2       7

විපරමා Saturday, 27 February 2021 11:40 AM

කවද්ද දැන් ඔය කියන නීති ගේන්න හිතාගෙන ඉන්නේ? සමහර පැතිවල කලු ලෝගු ඇඳගෙන, මූණත් වහගෙන යන අය දැකලා පොඩි අය බිල්ලෝ එනවා කියලා කෑගහනවා..

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 526 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2253 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site