(වසන්ත චන්ද්‍රපාල)
විදෙස් ගතව මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බුම්මා කල්ලියේ ප්‍රධාන සාමාජිකයකුගේ හෙරොයින් සමඟ කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකාරියගෙන් වැඩිදුරටත් ප්‍රශ්ණ කිරීමේ දිගු කලෙක පටන් ඇය හෙරොයින් ජාවාරමේ යෙදී සිට ඇති බවට අනාවරණය වි ඇති අතර සැකකාරිය සතුව තිබී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විග්නේෂ් නැමැත්තකු විසින් එවා ඇති අතර විග්නේෂ් නැමැත්තා සැකකාරියගේ ස්වාමිපුරුෂයාගේ බාල සොහොයුරා වේ.
විග්නේෂ් නැමැත්තා දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා කල්ලියේ ප්‍රධාන සාමාජිකයකු වේ. තවද මෙම සැකකාරියගේ සැමියා හෙරොයින් සන්තකයේ තබාගෙන සිටිය දී වෙරළබඩ පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඔහු මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින බවට අනාවරණය විය.
එහි දී ජාවාරම් කිරීම සදහා හෙරොයින් ග්‍රෑම් 222, මිලි ග්‍රෑම් 01 ක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි වෝල්ස් වීදිය, කොළඹ 15 වීදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක් වන කාන්තාව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බ්ලුමැන්ඩල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බුම්මා කල්ලියේ කතක් හෙරොයින් සමඟ දැලේ