IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘බිම්බෝම්බ නැතිම කරන්න වසර හතරක් යාවි‘

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී දැනට ඉතිරිව ඇති වර්ග කිලෝ මීටර 64 න් 73% ක්ම ඉතිරිව ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයේ බවට මුලතිව් දිසාපති රූපවතී කේදීස්වරන් කියා සිටියාය.

‘හෙලෝ ට්‍රස්ට්‘බිම්බොම්බ ඉවත් කිරීමේ රාජ්‍ය නොවන සංවිධානය විසින් ඉදිරි වසර දෙකක කාලයකදී මුලතිව් දිස්ත්‍රීක්කයේ බිම්බෝම්බ ඉවත් කිරීමට පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ඇය මේ බව කීවාය.

ශ්‍රී ලංකාවේ වැඩිම බිම්බෝම්බ ප්‍රමාණයක් වැළලී ඇති මුලතිවු දිස්ත්‍රික්කයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නොකඩවා වසර දෙකකට ආරම්භවීම නිසා වසර 2020දී ශ්‍රී ලංකාව බිම්බෝම්බ වලින් තොර රටක්වනු දැකීමේ සිහිනය සෑබෑකර ගැනීමට හැකිවනු ඇති බව ඇය පැවසුවාය.

bimbomb_2016112 bimbomb_2016112-2 bimbomb_2016112-3 bimbomb_2016112-4 bimbomb_2016112-5 bimbomb_2016112-6 bimbomb_2016112-7



අදහස් (0)

‘බිම්බෝම්බ නැතිම කරන්න වසර හතරක් යාවි‘

විජිත් Tuesday, 12 January 2016 01:56 PM

වෙඩිබෙහෙත් සොයාගත් චීනා, චීනයට විරුද්ධව මොන්ගොලියාවෙන් වන තර්ජන අඩපන කිරීම සඳහා ලොව පළමු " ඉතාමත් ප්‍රථමික වර්ගයේ " බිම්බෝම්බය යොදාගත්තා. ඉන් පසු ක්‍රම ක්‍රමයෙන් පවුරුවලින් වටවුන රටවල්, නගර තම ආරක්ෂාව සඳහා, ටිකෙන් ටිකේ දියුණුවෙමින් තිබුන බිම්බෝම්බ තාක්ෂනය උපයෝගී කරගත්තා. කොරියානු යුද්ධයේදී චීනය සහය දුන්නේ උතුරු කොරියාවටයි, මේ චීනය භාවිතාකරන බිම්බෝම්බයට වඩා බලවත් ඒ මෙන්ම උසස් තාක්ෂණයෙන් යුත් එකක් සැදීමට කැනඩාව හා ඇමෙරිකාව ඒ ඒ අයගේ තාක්ෂනයන් යොදමින් වෙන වෙනම උත්සහ කරමින් සිටියා. අවසානයේදී ඇමෙරිකාවේ නොර්මන් මැක්ලෝඩ් කියන විශේෂඥයා එම් 18 ඒ 1 කියන ඇති ප්රභල ක්ලේමෝ වර්ගයේ බිම්බෝම්බය නිෂ්පාදනය කළා. බිම්බෝම්බය මුලින්ම හදපු චීනා මේ අලුත් බෝම්බය හමුවේ නිරුත්තරවුනා. මෙහිදී නොර්මන් මැක්ලෝඩ් කැනඩාවේ තක්ෂණය කොපිකලාද කියලත් .. මතිමතාන්තර තියෙනවා. මේ නවීන බිම්බෝම්බෙයේ පිපිරුම් ද්රව්යය වශයෙන් සී 4 ග්රෑම් 600 පමණ යොදාගන්න අතර ,අඟල් 1/8 ප්‍රමාණයේ වානේ බෝල 700 පමණ එහි ඇතුලත් කරනවා. බෝම්බය පුපුරනවිට අර කිවූ යකඩ බෝල සහ බෝම්බයේ ආවරණයේ කොටස් තත්පරයට මීටර් 1200 පමණ වේගයකින්, මීටර් 50 ක නිශ්චිත හා මීටර් 250 උපරිම ප්‍රදේශයක් ආවරණය කරමින් අංශක 60 ක් කෝණයකින් ප්‍රක්ෂේපනය වෙනවා. ඒ කියන්නේ ඒ සිමාවේ තියෙන අඩි 6 උස ප්‍රමාණයේ ඇති වස්තුන් විනාශවෙනවා. (ර)

:       0       0

විජිත් Tuesday, 12 January 2016 02:04 PM

ඉරාකයේ ,ඇෆ්ගනිස්ථානයේ. වැනි ඇමෙරිකාව සහභාගිවුන යුධ වලදී මෙය බලවත් අවියක් ලෙස යොදාගත්තා. අපේ රටෙත් වසර 30 ක් ජනජීවිතය බියෙන් අවුල්කල කොටි යුද්ධයේදී කොටි ත්‍රස්තයන් එක එක රටවලින් ගෙනාපු එක එක වර්ගයේ බිම්බෝම්බ හමුදාවට පහරදීම සඳහා ඒ ඒ මර්මස්ථානවල වැළලුවා. "ඉවක් බවක් නැතිව.- කිසිම සටහනක් නැතිව " ඒ ස්ථාන ඒ අය පමණයි දැන සිටියේ. ඒ අය මියගියොත් ඒ අයත් සමගම බිම්බෝම්බය වලලපු තැන සදා කාලික රහසක්වෙනවා. නමුත් බෝම්බය" ජිවිව " තිබී කිසිත් නොදන්නා අහිංසකයන්ගේ ජිවිත, ඉබාගාතේ යන හරකුන් වැනි සතුන්ගේ ජිවිත සිය ගණනක් විනාශවුණා. හමුදාව කොටින්ට විරුද්ධව අටවපු බිම්බෝම්බ යම්කිසි ක්‍රමයකට සටහන් කිරීමෙන් කල නිසා ඒවා වහාම ඉවත්කිරීමට හැකියාව හමුදාවට ලැබුනා. නමුත් කොටි ත්‍රස්තයන් වලලපු බිම් බෝම්බ තියෙන ඉසවු හඳුනන නිසා ඉතාමත්ම ප්‍රවේශමෙන්, බිම්බෝම්බය ' මෙටල් ඩිටෙක්ටරයක් ' මගින් හඳුනාගෙන , හිමින්සිරුවේ එය පාදාගෙන නිෂ්ක්රිය කිරීම ඇත්තටම"මාරයා කටේ තියාගෙන " කරන සෙල්ලමක් වැනිය. ඉතාමත්ම සුපරික්ෂාකාරිව ,සෙමෙන්, සැහැල්ලුවෙන්, ඉවසිලිමත්ව ,අවධානයෙන් කලයුතු මේ අවදානම් කාර්යය සුලුහෝ ප්‍රමාද දෝෂයක් නිසා ජිවිත කිහිපයකට මොහොතකින් මරු කැඳවිය හැක්කකි. මේ සඳහාම පුරුදු පුහුණු කල කණ්ඩායමට අපේ ප්‍රණාමය පිදිය යුතුයි. ඒ ඔබෙත් මගෙත් අහිංසක දරුවාගේ හෙට දවස සුරක්ෂිත කිරීම පිණිස ඔවුන් ඔවුන්ගේ අද දවස ඒ කියන්නේ ජීවිතය පරදුවට තබන නිසයි. ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේ කාර්යයේ යෙදීසිටින මහත්ම, මහත්මියනි ඔබලාට මගේ අවංක ආචාරය. (ර)

:       0       0

ලැසි Tuesday, 12 January 2016 07:37 AM

යුද්දෙට වඩා හපන් මේ වැඩේ (ම)

:       0       0

රංග Tuesday, 12 January 2016 08:49 AM

දෙමල සන්ධානයට කියන්න ඕව ඉවත් කරලා දෙන්න කියල. එයාලගේ වීරයනේ ඕව වල දැම්මේ...!!! (කෞ)

:       0       0

ලලිත් Tuesday, 12 January 2016 10:25 AM

මේක අර හිඟන්නාගේ තුවාලේ වගේ වුණා නේද? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site