
( ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයාය පියෙකු සිය තුන් හැවිරිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට උණු වතුර දමා දරුණු ලෙස පුළුස්සා බරපතල තුවාල සිදු කොට ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.
මේ පිළිබඳව පැමිණිල්ලක් අද (25) ලැබී ඇති බවත්, එම සිදුවීමෙන් බරපතල තුවාල ලැබු එම දරුවා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (24) සවස් කාලයේදී කුඩා දරුවා මෙම සිද්ධියට මුහුණ පා ඇති අතර, බීමතින් පැමිණි පියා දරුවාට අමානුෂික ලෙස පහරදී පසුව ශරීරයට උණු වතුර දමා පුළුස්සා ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිදුවීමට සම්බන්ධ එම දරුවාගේ පියා මේ වනවිට නුවරඑළිය ප්‍රදේශයට පලා ගොස් ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ලිඳුල පොලීසිය පවසයි.
මෙම දරුවාගේ පිට ප්‍රදේශයේ විශාල කොටසක් උණු වතුර දැමීම හේතුවෙන් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවත්, මුලික ප්‍රතිකාර සිදු කිරීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කොට යවීමට පියවර ගන්නා බව මේ පිළිබඳව සිදු කරන ලද විමසීමේදී ලිඳුල ප්‍රාදේශීය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ඒ. ජෙයරාජන් මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීමත් පියා තුන් හැවිරිදි දරුවා උණුවතුරෙන් පුච්චලා
Bunny Preena Tuesday, 25 July 2023 01:04 PM
මේවගේ වැඩ කරන නරුම තාත්තලාට මොනවගේ දඬුවමක් දුන්නොත්ද හොඳ?