IMG-LOGO

බීමත් ගැහැනු දරුවෝ දෙකක් සමග හයක් මාට්ටු

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මත්පැන් කර අශෝබන අන්දමින් හැසිරුන බාලවස්කාර ගැහැනු ළමුන් දෙදෙනකු ඇතුළු හය දෙනකු පානදුර ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් අසල දී  අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.

අත්අඩංගුවට පත්වූවන් අතර බාල වයස්කාර ගැහැනු ළමුන් දෙදෙනකු, පිරිමි ළමයකු, තරුණියක සහ තරුණයන් දෙදෙනකු වන බව පොලිසිය කීය.

සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කළ තරුණ දරුවන් පිරිසක් අශෝභන ලෙස ගැවසෙන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද දුරකතන ඇමතුමක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ පානදුර අපරාධ විමර්ශණ අංශ ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරීන් ස්ථානයට ළගාවීමේදී මෝටර් රථයක නැගී පිටව යාමට සූදානම්වූ බව පොලිසිය කීය.

ඔවුන් සියලු දෙනා මත්පැන් පානය කර සිටී බවට සැලවීම නිසා රියදුරු තරුණයා ඇතුළුව හයදෙනාම පොලිසියට රැගෙන ආ බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.

ගැහැනු ළමුන් තිදෙනා ශීලාචාර සම්පන්න බවක් නොමැති ඇදුම් ඇද සිටී බවත්, ඔවුන් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට මැලි කමක් දක්වන බවද සදහන් වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශණ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.

 



අදහස් (5)

බීමත් ගැහැනු දරුවෝ දෙකක් සමග හයක් මාට්ටු

Gappi Saturday, 20 May 2023 10:19 PM

ශීලාචාර ඇඳුමක් ලෙස සමාජය පිළිගන්නේ දිග කලිසමක් ඇන්දොත් විතරයි. තරුණ ගැහැණු ළමයෙක් කොට කලිසමක් හෝ කොටගවුමක් ඇන්දොත් ගොඩක් මේ රටේ අය මදකිපිලා වනචර විදිහට බලන් ඉඳලා තව අශීලාචාර ඇඳුනුත් ඇඳන් හිටියාලු...

:       0       1

Nihal Saturday, 20 May 2023 10:27 PM

යූරෝපයේ වීදිවල පච්චා කොටලා පරණම රැකියාවට හිටගෙන ඉන්න ගැහැණු වගේ සමහරක් ඇඳුම් අඳින්නේ ලිංගික අවයව උද්දීපනය වෙන ආකාරයට නිරුවතින් ඉන්නවා වගේ වැඩි වෙනසක් නෑ. අධික කාමයෙන් පෙලෙන කොටසක් ඔහොම අඳිනවා. දරුවෙක් පාරක, බසයක එක්ක යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ. මේවාට වැදගත් තරුණයන්, පොලිසිය දැඩිව ක්‍රියාමාර්ග ගත යුතුයි.

:       0       2

Lalla Sunday, 21 May 2023 01:16 AM

සමහර අම්මලාට දූවරු බාගෙට හෙළුවෙන් ඇඳීම නම්බුවක් කරගෙන. ප්‍රශ්නේ මුල් එතන. කෙල්ලෝ මත්පැනට ඇබ්බැහිවීම අනිත් ප්‍රශ්නය...උගත් සහ රැකියාවල නිරත කෙල්ලෝ භයානක ලෙස මත්පැනට යොමුවෙලා...බොහෝ සමාගම්වල පාටිවල වැටෙන්න බොන කෙල්ලෝ සාමාන්‍ය දර්ශනයක්...

:       1       2

fairoos Sunday, 21 May 2023 01:02 PM

මඩු වලිගගෙන් තලන්න ඕන මෙයාලාගේ දෙමවුපියෝ

:       1       1

Bunny Preena Monday, 22 May 2023 10:24 AM

ලොකු ලොකු වැදගත් ප්‍රභූ පවුල්වල ළමයි ඔහොම තමයි.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 394 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 957 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1340 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site