තරමක් මැදිවියේ පසුවන කලා ශිල්පියෙක් ඔහුගේ නෝනට බෙහෙත් ගන්න එක්ක ගියාලු කිරිඳිවැල පැත්තෙ ප්‍රසිද්ධ වෙද මහත්තයෙක් ගායට. නෝනට තියෙන්නෙ දණිස්වල ප්‍රශ්නයක්. ඇඟ කෙට්ටු කරගන්න කිව්වට අහන්නෙත් නැහැලු.
කොහොමහරි වෙද මහත්තයා බෙහෙත් ටික දීලා කිව්වලු කොහොම හරි කෑම බීම පාලනය කරලා ඇඟ අඩුකර ගත්තෙ නැත්නම් ලෙඩේ වැඩිවෙන්නත් පුළුවන් කියලා.
"මම මේ දෙන බෙහෙත් ටිකට දවස් දෙක තුනක් විරේක වෙයි. බයවෙන්න එපා" වෙද මහත්තයා කියලා තියෙනවා.
ඔන්න පහුවදා අපේ කලා ශිල්පියා වැඩිපුර වැසිකිළි පැත්තට යනවා දැකලා නෝනා ඒ ගැන ඔහුගෙන් ඇහුවලු.
"ඒක නේන්නම් මාත් බැලුවෙ. ඊයෙ බෙහෙත් ගත්තෙ ඔයා, ඒත් විරේක වෙන්නෙ මට. බෙහෙත හොඳකම වෙන්නැති නේද නෝනෙ" ඔහු කිව්වලු.
"බෙහෙතෙ හොඳකම නෙවෙයි මහත්තයෝ, අපේ බැඳීමෙ හොඳකම" කියලා ඇය පිළිතුරැ දුන්නලු.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බැඳීමෙ හොඳකමට විරේක වෙලා