(යොහාන් භාසුර සහ නිමන්ති රණසිංහ)
වටරැක බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටියදී කොළඹ වැඩබිම්වල වෘත්තිය පුහුණුව ලැබූ රැදවියන් මාලඹේ තලාහේන ප්‍රදේශයේ ඊයේ (9) විරෝධකරුවන්ට කොටුවීමෙන් පසු රැදවියන් 58 ක් අතුරුදහන් වී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
බන්ධනාගාරය රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩසටහන යටතේ කොල්ලුපිටිය, රාජගිරිය සහ බත්තරමුල්ල යන ප්‍රදේශවල රැඳවියන් 180 ක් සේවයේ යොදවා තිබූ බවත් ඔවුන් නැවත වටරැක බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේදී මාලඹේ තලාහේන ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කොටු වී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
කෙසේ වෙතත් මෙම රැඳවියන් ‘ගෝටාගෝගම’ට ප්‍රහාර එල්ල කිරීමට යොදවාගත් බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වෙමින් තිබෙන අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව එම චෝදනාව ප්‍රතිකක්ෂේප කරයි.
කළහාකාරී සිද්ධියේදී විරෝධතාකරුවන් බන්ධනාගාර සිරකරුවන් බස්රථවලින් එළියට ගෙන ඔවුන්ට පහරදී එම සිද්ධිය වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරිණී. එම වීඩියෝ පටවලට අනුව රැදවියන් බන්ධනාගාර නිලධාරීන්ගේ නම් ප්‍රකාශ කර තිබීම හේතුවෙන් එම නිලධාරීන්ට අපහාසයක් සිදුවූ බව කියමින් මෙම නිලධාරීන් ඇවන්ගාඩ් සමාගමේ සාමාජිකයන්ට බැණ තර්ජනය කරන වීඩියෝ දර්ශනයක් ද මේ වන විට අන්තර්ජාලයේ දක්නට ලැබෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බන්ධනාගාර රැදවියන් 58 ක් අතුරුදහන්