(ඉන්දිකා රාමනායක)
කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු නියාමකවරයකුගේ මිනුවන්ගොඩ නිවසට කඩා වැදුණු පිරිසක් ඒ මහතාට පහර දී මරණීය තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
ආරක්ෂක හිස් වැසුම් හා ජැකට් පැළඳ පැමිණි නාදුනන පුද්ගලයන් තිදෙනකු නියාමකවරයාගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ගිණි අවි එල්ල කර මරණීය තර්ජන සිදුකර ඔහුට පහර දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
එම පුද්ගලයන් මොහුට පහර දෙන අවස්තාවේදී ‘‘රටේ කුඩු නවත්තන්න බැරි එකේ බන්ධනාගාරය තුළ හෙරොයින් නැවැත්වීමට උඹ මොන මිනිහෙක්ද උඹගෙ පාඩුවේ වෙන දෙයක් බලාගෙන රස්සාව කර ගනින්” යනු වෙන් ප්‍රකාශකර ඔහුට තර්ජනය කර ඇත බවට. ඒ මහතා කළ පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තා වේ.
නිවසට ඇතුළු වූ මෙම නාදුනන පුද්ගලයන් එම නිළධාරියාගේ මවට ද පහරදී තම සහෝදරියගේ ඡංගම දුරකථනය ද පොලොවේ ගසා ඒ අයට ද තර්ජනය කර එම නිළධාරියාව දන ගස්සවා මාංචු දමා ඡායාරූප හා වීඩියෝ දර්ශන ලබාගෙන පලාගොස් ඇත බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සිද්ධියට මුහුණ දුන් බන්ධනාගාර නියාමකවරයා මිනුවන්ගොඩ පොලිස් ස්ථානය වෙත ගොස් පැම්ණිලි කර දැනට රෝහල් ගත වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට මූලික විමර්ශණයක් නව මැගසින් බන්ධනාගාරය විසින් ආරම්භ කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරස් ඒකනායක මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බන්ධනාගාර නිලධාරියකුට තර්ජනයක්
Bunny Preena Monday, 15 May 2023 09:59 AM
ළොකු ලොක්කන්ගෙ ආශිර්වාදය නොමදව ලැබෙන නොමදව ලැබෙන හොඳ දන කුවෙරයෙකුගෙ වැඩක්.