(ඉන්දිකා රාමනායක )
බන්ධනාගාර නිළධාරීන්ට හා බන්ධනාගාරගත රැදවියන්ට කොවිඩ් මර්දන එන්නතේ සිවුවන මාත්‍රාව ලබාදිම ආරම්භ කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
රට තුළ කොරෝනා ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බැවින් බන්ධනාගාර තුළ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවුරුදු 60 ට වැඩි රැඳවියන්ට සහ මෙතෙක් කිසිඳු මාත්‍රාවක් ලබාගෙන නොමැති රැඳවියන්ටත්, තුන්වන මාත්‍රාව ලබාගෙන ඇති බන්ධනාගාර නිලධාරීන්ටත් එලෙස කොරෝනා මර්දන එන්නතේ සිවුවන මාත්‍රාව ලබාදීම සිදු කෙරෙන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
මේ අනුව දිවයිනේ පිහිටි සියලු බන්ධනාගාරවල සේවයේ නියුතු නිළධාරීන්ට හා එහි රඳවා සිටින රැඳවියන් 18518 දෙනකුට සිව්වන මාත්‍රාව වශයෙන් ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබාදීම බන්ධනාගාර ආයතන 30 කදී සිදු කරන බවද හෙතෙම කීය.
එහි ආරම්භය ලෙස බන්ධනාගාර මූලස්ථානය, වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ්, යන බන්ධනාගාර වල රඳවා සිටින රැඳවියන්ට හා ඒවායෙහි සේවයේ නියුතු නිලධාරීන්ට සිව්වන මාත්රාරව එන්නත්කරණය ඊයේ සිදුකළ බවද ඉදිරියේ සෙසු බන්ධනාගාරවල මෙම ලබා දෙන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බන්ධනාගාරයට ෆයිසර් එන්නතේ සිව්වන මාත්‍රාව